යුද්ධය අතරතුරේ වුවද ඉරානය තවමත් බොරතෙල් බැරල් මිලියන 16 කට වඩා අපනයනය කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වූ පෙබරවාරි මස 28වන දින සිට ඉරානය තවමත් බොරතෙල් බැරල් මිලියන 16 කට වඩා අපනයනය කර ලාභ ලබා ඇති බව වෙළඳ දත්ත සහ විශ්ලේෂණ සමාගමක් වන Kpler ඇස්තමේන්තු කර ඇත.

බටහිර සම්බාධක හේතුවෙන් චීනය ඉරාන තෙල්වල විශාලතම ගැනුම්කරු වී ඇති අතර ඉරානයේ තෙල් අපනයනට අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බව Kpler වෙළඳ අවදානම් විශ්ලේෂක ඇනා සුබාසික් මෙහිදී සඳහන් කර ඇත.

යුද්ධය ආරම්භයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය(IRGC) විසින් හොමුස් සමුද්‍ර සන්ධියේ සම්පුර්ණ පාලනය සියතට ගෙන සිටි අතර බොරතෙල් මිල බැරලයකට ඩොලර් 100 ට වඩා ඉහළ ගිය විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාක්ෂිකයින්ට සහ වෙළඳ හවුල්කරුවන්ට යුද නැව් යවා සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන ලෙස බලපෑම් කර තිබිණි.

කෙසේ නමුත් Neto රටවල් මෙය ඔවුන්ගේ යුද්ධයක් නොවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ අදහස ප්‍රතික්ෂේප කර තිබු අතර ලොයිඩ්ගේ ලිස්ට් ඉන්ටලිජන්ස් අනුව, මාර්තු 1 සහ 15 අතර කාලය තුළ අවම වශයෙන් නැව් 89 ක් හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර තිබු අතර ඒවා වැඩි ප්‍රමාණයක් ඉරානයට අනුබද්ධ ඒවා යැයි විශ්වාස කෙරෙන, චීනය, ඉන්දියාව, පකිස්තානය, සහ ග්‍රීසිය ඇතුළු ඉරානය සමඟ සබඳතා ඇති බටහිර රජයන්ට අදාළ නැව් බව විශ්වාස කෙරේ,

ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට තෙල් මිල බැරලයකට ඩොලර් 100 ට වඩා 40% කට වඩා ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සහ ඔවුන්ගේ සහචරයින්ට නියමිත “තෙල් ලීටරයක්වත්” ඒ හරහා යාමට ඉඩ නොදෙන බවට ඉරානය තර්ජනය කර තිබේ.