මාර්තු 18, කොළඹ LNW :
නොරොච්චෝල විදුලි බලාගාරයේ ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය මාර්තු 12 වැනිදා මෙගාවොට් 51ක්, 13 වැනිදා මෙගාවොට් 130ක්, 14 වැනිදා මෙගාවොට් 135ක්, 15 වැනිදා මෙගාවොට් 132ක්, 16 වැනිදා මෙගාවොට් 148ක් සහ ඊයේ දිනයේ මෙගාවොට් 165ක් නිපදවිය නොහැකි වී ඇති බවත් මේ නිසා බරපතල අර්බුධයකට මුහුණ දෙන බවත් මේ ජනනයේ අඩුව ඩීසල් බලාගාර හරහා ලබා ගැනීමට යොමුවන විට මේ අතිරේක පිරිවැය පාරිභෝගිකාය මත පැටවීම සිදු නොකරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහජන උපයෝගීතා කොමිසම විසින් BMICH හි පැවැති බස්නාහිර පළාත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමට පැවැත්වූ හමුව හා එක්වෙමිනි.

එසේම මේ මොහොත වන විට තෙල් සැපයුම් ගිවිසුම් අත්සන් කිරීමට ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා සිටින බවත් මේ අවස්ථාවේ ගල් අගුරු නැව් 36ම අදාළ කාලයේ ගෙන ඒමට හැකිවේද ගියා ගැටලුවක් ඇති බවත් යම් හෙයකින් ගෙන ඒමට නොහැකි වුවහොත් ඩීසල් බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවේද ගියා ගැටලුවක් ඇති විදුලි බල මණ්ඩලයට මේ පාඩුව නැවත ලබා ගැනීමේදී සැපයුම්කරුවන්ට හා අදාළ පරීක්ෂණ කළ ආයතනවලට ඒ වගකීම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අලාභය අදාල සමාගම්වලින් ලබා ගත යුතුමයි
ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් නිර්මාණය වන පිරිවැය සහ අලාභය සැපයුම්කරුවන්ගෙන් සහ පරීක්ෂණ සමාගම්වලින් ලබා ගැනීමේ බලය විදුලි බල පනත හරහා මහජන උපයෝගීතා කොමිසම ට ඇති බවත් එසේම විදුලි බල මණ්ඩලය දැන් පවතින ආයතනයේ මූල්‍ය ස්ථායිතාව ඇති කිරීමට මහා භාණ්ඩාගාරය මැදිහත්විය යුතු බවට ද විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කළේය.
තවද නැප්තා සහ ෆර්නස් ඔයිල් මිලදී ගැනීමේ දී විනිවිදභාවයක් නොමැති නිසා විදුලි බල මණ්ඩලය අදාළ ආයතන යොමු කරන මුදල සම්බන්ධයෙන් විදිවිදභාවයක් නොමැති බවත් වැඩි මුදලක් අය කරන බවට චෝදනා එල්ල වන නිසා මේ මිල දී ගැනීමේ දී විනිවිදභාවයෙන් යුක්ත වැඩපිළිවෙළකට යොමු වන බවත් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයාට මෙය සෘජුවම බලපාන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
යෝජිත විදුලි බල ප්‍රතිපත්තියෙන් පොඩි මිනිසාට හානියක් වෙන්න දෙන්න බැහැ
යෝජනා කර ඇති විදුලි බල ප්‍රතිපත්තිය පොඩි මිනිසාට හානිදායක ලෙසත් ඇති හැකි අයට වාසිදායක ලෙසත් නිර්මාණය කර ඇති බවත් ස්ථාවර ගාස්තු වැඩි කිරීම ඇතුළු ගැටලු රැසක් ඇති බවත් මේ නිසා සමාජයේ සාමාන්‍ය ජනතාවට ආගමික සිද්ධස්ථාන හෝටල් ආදියටද හානිදායක බවත් මේ ටැරිෆ් ක්‍රමය ක්‍රියාත්මක කරනවා නම් දරාගත හැකි පිරිවැයක් ජනතාව ලබා දීම සහ සමානාත්මතාව අනුගමනය කළ යුතු බවත් මෑතක සිදුවූ ප්‍රතිසංස්කරණ හරහා ජනනය පද්ධති පාලනය බෙදාහැරීම හා සම්ප්‍රේෂණය වෙනස් කර ඇති බවත් මේවායේ මූල්‍ය ස්ථාවරත්වය පදනම්ව ඇත්තේ භාණ්ඩාගාරය සතුව බවත් භාණ්ඩාගාරය මුදල් නොදුන්නොත් ඒවා කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සටන් පාඨ ප්‍රකාශ මත පදනම්ව පමණක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න බැහැ
අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි බවත් ස්වාධින ක්‍රමවේද මත එය තහවුරු කළ හැකි බවත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්නට සටන් පාඨ ප්‍රකාශන පමණක් නොවන මහපොළොවේ සත්‍යක් යථාර්ථයක් බව පත් කළ යුතු බවත් මේ සදහා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සිදු කරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඉදිරියේ දී සිදුවන විදුලි කප්පාදු ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි
අද වන විට ප්‍රමිතියෙන් අඩු ගල් අගුරු භාවිත කරන බවත් මෙසේ ගෙන්වන ගල් අගුරු වර්ගය දැන ගැනීමට අවශ්‍ය බවත් ගල් අගුරු ගොඩ බෑවයින් පසු මේවා ප්‍රතික්ෂේප වන නිසා එවා නැවත යවන එක ගැන අවධානය යොමු කළ යුතු බවත් විදුලිය උත්පාදනය කිරීමේ පිරිවැය ගැන සැලසුම් ඉදිරිපත් කර ඇති මුත් එය ක්‍රියාත්මක කළ හැකි ද කියා ප්‍රශ්නයක් ඇති බවත් පිරිවැය අඩු කිරීමේ සැලසුමේ LNG භාවිතය ගැන කිව්වත් ඒවා කොලයකට පමණක් සීමා වී ඇති බවත් LNG මිල දී ගන්න නොහැකි වුවහොත් පාරිභෝගිකයාට කොපමණ අමතර පිරිවැයක් දරන්න වෙනවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්ධන බලාගාරවලට වඩා සූර්ය බලශක්තිය ලාභයි
ඉදිරියේ දී නිරන්තර විදුලි උත්පාදන වැඩපිළිවෙළට බාධාවක් පැමිණෙනවාද කියා මීට වඩා අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු බවත් පිරිවැය අඩු කරනවා යැයි කිව්වත් මේවා මහපොළොවේ යථාර්ථයක් වන්නේ කෙසේද කියා ඉදිරිපත් කළ යුතු බවත් පාරිභෝගිකයා වෙනුවෙන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවත් තෙල් බාලාගාරවලින් විදුලි ඒකකයක් රු. 59ක් වන විට සූර්ය බලාගාරවලින් බැටරියත් සමගම ඒකකයක් රු. 45.80ක් නම් මේ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.





