උතුරට ගොස් දකුණට ආමන්ත්‍රණය නොකරන්න ….

Date:

වර්තමාන ලෝකයේ රටවල් වෙන්වී ඇත්තේ වෙන් වෙන් සංස්කෘතික ප්‍රජාවන් ලෙසය.. හේතුව වත්මන් මානවයා සංකෘතික ජීවියෙක් වීමය.. උදාහරණ ලෙස සිංහල බෞද්ධයන්වන අපට උපතේ සිට මරණය දක්වාම සහ මරණයෙන් පසුව පවා සංකෘතිය, ආගම අපගේ එදිනෙදා ජීවිතයේ හැම තැනම පවතී.. උදේ හවා මහ හඬින් පිරිත් ඇසීමට බහුතර සිංහල බෞද්ධන් කැමතිය.. එසේම බහුතර සිංහල බෞද්ධයන්ට අනෙක් ආගම්වල එවන් ආගමික ඝෝසාවන් නුරුස්සනවා සේම අනෙක් ආගම්වල ප්‍රජාවන්ටද අපගේ ආගමික ශබ්දද නුරුස්සනවා විය හැකිය.. ඇත්තෙන්ම මහා ගැටුම්වල මූලික සිද්දාන්තය මේ සංකෘතික නොරිස්සීමයි…. වෙනස් වෙනස් සංකෘතීන්ට අයත් ප්‍රජාවන්ට ඔවුන්ගේම ස්වාදීන බූමි තුල ජීවත්වීමට ඉඩ සැලසීම මේ වාර්ගික ගැටුම් නිරාකරනය කිරීමේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පිලිවෙතයි..

උතුරේ හින්දු දමිළයන්ගේ ජීවන විඥ්ඥානය අපගේ සිංහල බෞද්ධ ජීවන විඥ්ඥානයට වඩා වෙනස්ය.. අපට එය නොතේරේ.. දකුණේ සිංහල මිනිසුන් තමුන්ට නොතේරෙන දේ හැඳින්වීමට යොදන පදයද ” අන්ඩර දෙමළ” යන්නයි.. දෙමළ සමාජය අපට නොතේරීම සම්බන්ධ උදාහරණයට ඒ පිරුල පමණක් සෑහේ යැයි හැඟේ…

උතුරේ දෙමළ සමාජයෙ එදිනෙදා විවිධ පැටලිලි, කළබල, කුටුම්බ ගැටුම් නිරාකරණය කිරීමට සිංහල බෞද්ධයන් නියෝජනය කරන පොලීසියකට නොහැකිය ..

ඔවුන් ඒවා නිරාකරණය කිරීමට යාම තුල පැටලිලි අතිරේක ජාතික පැටලිලි දක්වා යයි..

ආර්ථික කර්මාන්ත සියල්ල දක්වාද මේ සංකෘතික බෙදීම පැතිරේ.. මුසල්මානුවන් සූකර මස් කර්මාන්තයට කැමති නැත, හින්දූන් ගවමස් කර්මාන්තයට කැමති නැත, බෞද්ධයන් සමස්ථ ප්‍රානඝාතයටම කැමති නැත…

ලංකාවට අදාලවද මේ පැටලිලි ගැටුම් සඳහා ඇති ප්‍රසස්ථ විසඳුම ඉන්දියාව අනුව යමින් සංස්කෘතික තනි ප්‍රජාවන් බහුලවශයෙන් ජීවත්වන ප්‍රදේශවල උක්ත ජනවර්ගයට ස්වාධීනව ජීවත්වීමට ව්‍යවස්තාවෙන් ඉඩ දීමයි..එයට තර්ටීන් ප්ලස් හෝ වෙන කුමණ නම යෙදුවද ගැටලුවක් නැත…

මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවූ රුධිර ගංගාවක් ගලා ගිය අවුරුදු තිස් ගානක් ඇදුනු යුද්ධය තුල ප්‍රබාකරන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පැවතියද දෙමළ ඊලම් අරගලයට භෞතික පදනම සැකසුනේ කාලයක් නොවිසඳුන දෙමළ ජනයාගේ ස්වායක්තතාවය පිලිබඳ නොවිසඳුන ගැඨළුව නිසා බව අප අමතක කල යුතු නැත..

මෙහි අනෙක් වැදගත් කරුන නම් දෙමළ සමාජයේ සංකෘතික ස්වාධීනත්වය සම්බන්ද තිරණ ඔවුන් සතුය.. ඒ මිස ඒවා ඇත්තේ සිංහල බෞද්ධ සමාජයේ නායකයන්ගේ සාක්කුවේ නොවේ.. ඒවා තොරොම්බල් කිරීමේ ‍යුක්තිගරුක අයිතියක් දකුණේ නායකයන්ට නැත.. ඔවුන් දෙමළ ජනයාගේ අයිතීන්ට බැරියර් දැමෙන ජනප්‍රිය ප්‍රකාශ කරමින් ආමන්ත්‍රණය කරන්නේ උතුරේ ජනයාට නොව දකුණේ දකුණේ සිංහල බෞද්ධ චන්ද පදනමටය..

මෙහිදී දහතුන ප්ලස් යනු සුමන්තිරන්ලාට ගෙවන කප්පමක් ලෙස අර්ත ගැන්වීමද දකුණේ නායකයන්ගේ සටකපටකමකි.. මන්ද සුමන්තිරන් පසුපස ඇති ජනබලයේ පදනම යනු මොන වැරදි තිබුනත් දහතුන වෙනුවෙන් කපටිකමට හෝ සුමන්තිරන්ගේ මැදිහත්වීමය…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...