බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වනවිට පොලිස් ස්ථානවලත් සැපයුම් කොට්ඨාසයේත් ඇත්තේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් බව පොලිස් මූලස්ථානය පවසයි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා බැලූන් පිම්බීම සිදුකරන අතර එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මේ වනවිට බොහෝ පොලිස් කොට්ඨාසවලත් ඒ ඒ කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථාන වෙතත් ප්‍රමාණවත් බැලූන් නොමැතිවීම මත බීමත් රියැදුරන් අත්අඩංගුවට පත්වීම අඩු වී තිබෙන බවයි.

මේ හේතුවෙන් බොහෝ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලබන බීමත් රියැදුරන් ළඟම ඇති රෝහලක වෛද්‍යවරයකු හමුවට ගෙන ගොස් බීමත්ව සිටීදැයි පරීක්ෂා කෙරෙන බවත් රෝහල් ආසන්නයේ නොමැති ප්‍රදේශවල බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉතා අඩුවෙන් සිදුවන බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් බීමතින් රිය පැදවීම වැඩි වශයෙන් සිදුවන බවත් අනතුරු වාර්තා වීම ද වැඩි බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග ද තහවුරු කර සිටියි.

බීමත්ව රිය පදවා අනතුරුවලට ලක්වන පුද්ගලයන් සිය ගණනක් දෛනිකව දිවයින පුරා රෝහල් වෙත ඇතුළත් කෙරෙන බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානය කියා සිටියේ බීමත් රියැදුරන් පරීක්ෂාවට ලක්කරන බැලූන් එක්ලක්ෂ පනස් දහසක් විදේශයේ සිට ගෙන්වා ගැනීම සඳහා සිදුකළ ටෙන්ඩර් ක්‍රියාවලිය ද අවසන් කර තිබෙන බවය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන මණ්ඩලය වෙත එම වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත් නොබෝ දිනකින් එම බැලූන් ගෙන්වන බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් බැලූන් හිඟය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් උපකරණ දස දහසක් පමණ දිවයින පුරා පොලිස් ස්ථානවල තිබෙන බවය.

අලුතින් බැලූන් උපකරණ ගෙන්වන තෙක් මෙම උපකරණ භාවිත කළ හැකි බවත්, උපකරණවල සුළු හිගයක් පැවතියත් බීමත් රියැදුරන් කොටුකරගැනීම සඳහා පවතින උපකරණ ප්‍රමාණවත් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කිය සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...