මේ රට මේ මට්ටමෙන් හරි තියෙන්නේ අපි ගත්තු නිසා – ඇමති ප්‍රසන්න (VIDEO)

Date:

රට මේ ආකාරයෙන් හෝ පවතින්නේ වත්මන් ආණ්ඩුව බලය ගත් නිසා බවත් එසේ නොවිණි නම් රට නැත්තටම නැති වී යා හැකිව තිබුණු බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“මේ පහුගිය රජය කාලේ කරපු දේවල්වලට අද අපි වන්දි ගෙවන්න වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා කිව්වා වගේ අපි අභියෝග එනකොට දාලා දුවන්නෙ නෑ, මේ අභියෝගවලට මුහුණ දීලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. යුද්ධ කාලෙදිත් ඔය විපක්ෂය ඔය විදියටම හැසිරුණා, දැනුත් ඒකම කරනවා. ඉතින් අපි ඒකට චෝදනා කරන්නෙ නෑ. අපේ අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. ඒවා නිවැරදි කරගන්නත් අපි කටයුතු කරනවා”

ප්‍රශ්නය – හැබැයි ඇමතිතුමා, ඔබතුමන්ලා මේ අඩුපාඩු තියෙන බව දැන දැනනේ මේ ආණ්ඩුව ගත්තෙ ?

“ඔව් ඉතින්. එහෙම නොගත්තා නම් නැතිවෙලා මේ රටම. දැන් මේ මට්ටමෙන් හරි තියෙන්නෙ අපි ගත්තු හින්දා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...

ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස...

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...