පොලීසිය පොලිස්පති දේශබන්දුගේ නිවසට පනී. විදෙස් මත්පැන් තොගයක් අත්අඩංගුවට !

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (19) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී විදෙස් රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් සියයකට අධික ප්‍රමාණයක් එම නිවසෙන් හමුවී ඇති බව සඳහන්.

දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණේ පසුගිය පෙබරවාරි 27 වනදා ය. ඒ අනුව මේ වනවිට දින 19ක් තිස්සේ ඔහු සැඟවී සිටින අතර පොලීසියට ඔහුව සොයාගැනීමට නොහැකි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...