එකට දුවපු ක්‍රිඩකයො වෙනස් විදිහට හමුවීම

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 19, (LNW)කොළඹ

සුගත් තිලකරත්න ක්‍රීඩා කරන සමයේ ක්‍රීඩා කළ සමන්ත පුෂ්පකුමාර සහ කේ.ජී.ආර්.සමන් කුමාර තවමත් සක්‍රීයව ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෝ වෙති.අවුරුදු 40 ද ඉක්මවා ඇති මොවුන් තවමත් තරුණයන් සමඟ උරෙනුර ගැටෙමින් ක්‍රීඩාවේ යෙදෙති. 2025 ජාතික ක්‍රීඩා උළෙලට අදාළව නුවරඑළියේ පැවති රට හරහා දිවීමේ තරගයට පැමිණි, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ අත අල්ලාගෙන සිටින සමන්ත පුෂ්ප කුමාර තරගයේදී දෙවන තැනට ද පත් විය.එම දෙදෙනො ලෙස බලා සිටින අංක 179 යටතේ තරග කරන කේ.ජී.ආර්.සමන් කුමාර ද එවැනිම පැරණි ක්‍රීඩකයෙකි.


රට හරහා දිවීම වෙනුවෙන් මේ දෙදෙනාම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෝය.ජාතික මට්ටමෙන් දුර දිවීම ඉසව්වෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කරගෙන ඇති සමන්ත සහ සමන් දෙදෙනාගේ වයසෙන් අඩකටත් වැඩිය රටේ ක්‍රීඩාව වෙනුවෙන් ලංකාවේත්,විදේශයන්හී ත් දිය කර හැර ඇත.


සමන්ත පුශ්පකුමාර, බ්ලැකී යනුවෙන් මලල ක්‍රීඩා කේෂ්ත්‍රය තුළ ප්‍රකට අතර ජීවිතයෙන් නික්ම ගිය මව ගිලන්ව රෝහල් ඇඳ මත සිටියදී,ඇය බලා ගැනීමේ සියලු කාර්යයන් කර පැමිණ තරග වැද ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගත් අවස්ථාද ඇත.ඉකුත් කාලයේ බ්ලැකී තමන් සිය මලල ක්‍රීඩා ජීවිතය තුළ ජයග්‍රහණ සඳහන් කර ක්‍රීඩා අමාත්‍යංශයෙන් යම් ඇගයීමක් අපේක්ෂා කළ බව අපි දනිමු.ඒත් ඒ ගැන කිසිඳු යහපත් ප්‍රතිචාරයක් ඔහුට හිමි නොවිණි.තමන්ගේ සමකාලීනයාට බ්ලෑකී අත් අල්ලාගෙන සිනහවෙමින් මේ එම කතාව පවසනවාද විය හැකිය.


මේ හමුවේදී දුවපං පුශ්පෙ හෝ දුවපං බ්ලෑකී ලෙසත්,නැතිනම් දුවපං සමන් ලෙසත් සිය හිතෛශිවන්තභාවය පෑ මිතුරා සුගත් නියෝජ්‍ය ඇමති ලෙස පැමිණ මේ ආකාරයට තොරතුරු විමසීම ගැන බ්ලැකී මෙන්ම සමන් ද බෙහෙවින් සතුටු වන්නට ඇත.එසේම සුගත්ට ද මීටර් 400 දිවයද්දී දුවපං සුගා සේ කෑ ගැසූ තමන් නියෝජනය කළ ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම්වල සාමාජිකයින් ලෙස සිටි බ්ලැකී සහ සමන්ගේ ඉතිහාසයේ ආදරණීය සිඳුවීම් ද සිහිවන්නට ඇත.


මේ ඡායාරූපයේ දකුණු කෙළවරේ සිටින්නේ නැගෙනහිර පළාත නියෝජනය කරමින් තරගයට එකතු වූ ටී.ඩබ්ලිව් රත්නපාලය.ඔහු වත්මන් ජාතික මැරතන් සූරයා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...