හෝමාගම ගලවිලවත්තේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු අත්අඩංගුවට!

0
379

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැවසුවේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් ද සොයා ගත් බවයි.අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි ගෝනපාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට වාර්තා වේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ කිහිපයකට මෙම සැකකරු අවශ්‍යකර සිටි බවයි.