*
Wednesday, March 19, 2025
spot_img

Latest Posts

ක්‍රිඩා ඇමති පාර්ලිමේන්තුවේදි රටට පේන්න නාමල්ට දාන බොරු ටකල්

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 19, (LNW)කොළඹ

අය වැය විවාදය අතරතුර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සමාජය තුළ පවතින රාජපක්ෂ විරෝධයෙන් තව දුරටත් ලකුණු රැස් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ෆිජී ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීම සමබන්ධයෙන් ඇති වූ තත්ත්වය ප්‍රකාශ කර සිටියා.එහෙත් එහිම දිගුවක් තවමත් පවත්වා ගෙන යමින්,අමාත්‍යවරයා පවසන ආකාරයට එදා ක්‍රීඩා කළ බේබිලාගේ ජයග්‍රාහී මනදොළ සපුරන්න කටයුතු කළ රගර් පරිපාලනයට මේ වන විට කේෂ්ත්‍රය තුළ වැසී තිබෙන දොර, වැඩි බලයක් සහිතව ඇර දෙන්නට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ කටයුතු කරමින් සිටිනවා.


මෙම සිදුවීමෙන් පසු අමාත්‍යවරයා පවසන පවුම් 50000 ගෙවීම බේබිලා පිනවීමට සම්බන්ධ නිලධාරීන්ට පැවරුණේ නැහැ.එම පවුම් 50000 අදත් අඩුවන්නේ ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට ජාත්‍යන්තර සම්මේලනයෙන් ලැබෙන මුදලින්.දේශපාලන ආරක්ෂාව ලැබුණ එම නිලධාරීන් බලයට පැමිණියේ දැනට පවතින රගර් ව්‍යවස්ථාව තුළින් ‘ඒ‘ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින්.එහෙත් ඔවුන් කළ දේ නිසා ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර මුදල් නොලැබී යාමේ තර්ජනය වැඩිපුරම දැණුනේ කුඩා ක්‍රීඩා සමාජවලටයි.මන්ද ‘ඒ‘ ක්‍රීඩා සමාජ සඳහා විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ඉපැයීම සඳහා ලැබී ඇතත් කුඩා ක්‍රීඩා සමාජ ක්‍රිඩා කරන්නේ පවා කුලියට ගත් ස්ථානවලයි.මේ නිසා පළාත් සංගම්වල ක්‍රීඩා සමාජ බහුතරයක් බේබිලා පිනවීමට කටයුතු කළ අයට නැවත බලයට එන්නට ඉඩ ලබා දෙන්නේ නැහැ.


මේ තත්ත්වය මත නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති හැටියට පත්ව සිඳු කළේ තමන්ගේ පවුලේ වින්දනය පිණිස කටයුතු කළ පරිපාලනයේ සභාපතිවරයා එවකට පැවති පරිපාලනයට උඩින් උපදේශක සභාවක් පත් කර එහි ප්‍රධානියා ලෙස පත් කිරීමයි.ඒ පත්වීම සිඳුවන්නේ ආසියානු සභාපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව එම පත්වීම ප්‍රකාශයට පත් කරන එවකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරියම පවසනවා.ශ්‍රී ලංකාවෙන් වත්මන් අමාත්‍යවරයා කියන බේබිලාව සතුටු කරන්න රගර් තීරණ ගත්තු සභාපතිවරයාට හෝ එම නිලධාරින්ට කිසිඳු වරදක් පැටවෙන්නේ නැති නිසා ඒ වන විට එම සභාපතිවරයා ආසියානු සභාපතිගේ හිතවත්කම මත ආසියාවේ තනතුරක් දරනවා.


ඇමතිවරයා සහ ආසියානු සභාපතිවරයා ලංකාවේ රගර් ගැන තීරණ ගැනීම,ලංකාවේ එවකට සිටි රගර් අනුග්‍රාහකයා අමාත්‍යවරයාගේද ආශිර්වාදය ඇතුව ආසියානු රගර් තරග සඳහා අනුග්‍රහයට යොමු වීම ආදි කරුණු නිසා,ආසියානු රගර්,ශ්‍රී ලංකාවේ රගර් හී ස්වාධීනත්වය කෙළෙසමින් සහ නොසළකා හරිමින් දේශපාලකයා සමඟ ගණු දෙනු කිරිම නිසා එවකට සිටි සභාපතිවරයා පෞද්ගලිකය ආසියානු සභාපතිවරයා සහ ඔහු අතර වූ සංවාදයකදී නිර්දය ලෙස ආසියානු සභාපතිවරයාට දොස් පවරනවා.ඒ සම්බන්ධයෙන් පෞද්ගලික තරහක් ඇති කර ගන්නා ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ රගර් පෙළීමට ආසියානු බලය අසාධාරණ විදිහට යොදා ගන්නවා.එහෙත් ඊට එරෙහිව කටයුතු කළ හැකි සහ ලංකාවේ රගර්වල ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයාට දඬුවම් පැමිණවීම නිසි ක්‍රමවේදයකට සිඳු නොවීම ගැනවත් නාමල් හෝ වත්මන් ඇමති දක්වා පත් වූ කිසිඳු ඇමතිවරයෙක් විමසා බලන්නේ නැහැ.


ආසියාවෙන් කිව්වම හෝ ලෝකයෙන් කිව්වම කියන කාරණය මත පිහිටා එම පදයට නැටීම හැරෙන්නට වත්මන් අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයකට මැදිහත් වෙන ලෙස ආසියානු ඔලිම්පික් ආයතනයට සහ ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනයට කරුණු දැක්වීමේ ඉඩ ප්‍රයෝජනයට ගන්නේ නැහැ.එසේම මේ පවුම් 50000 දඩය සහ තවමත් පවුම් 5000 ගණනේ ලංකාවේ රගර්වලට වාර්ෂිකව මුදල් අහිමිවීම ගැන කියනවා විනා එම නිලධාරීන්ට තවම දඩුවමක් ලබා දෙන්නට කටයුතු කරන්නේ ද නැහැ.රට වෙනුවෙන් විදේශිකයන් ක්‍රීඩා කරවීමෙන් රගර්වලට හානියක් වීම මෙන්ම රටේ ආගමන විගමන පණතට අනුව ද වරදක් වී තිබීම නිසා සහ රට අපකීර්තියට පත්වීම ගැන ආණ්ඩුව හැටියට තීරණයක් ගැනීම මේ ක්‍රීඩා අමාත්‍යවරයාද පැහැර හරිනවා.


එසේම පාර්ලිමේන්තුවේ බේබිමය ස්වරයෙන් නාමල් රාජපක්ෂව විවේචනට බදුන් කළ ද,වත්මන් අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පත් කළ ජාතික ක්‍රීඩා උපදේශක සභාවට, ඒ බේබිලාව පින වූ පරිපාලනයේ ප්‍රධාන විධායකයා සභාපති ලෙසම පත් කර ගන්නවා.ආසියාවේ සහ ලෝකයේ ඉල්ලීම ලෙස පවතින ව්‍යවස්ථාව වෙනස් කර නැවත අවශ්‍යයනම් බේබිලාගේ පරිපාලනයේ නිලධාරීන්ට සභාපති,ලේකම් පදවිවලට ඒමට හැකි ලෙස ව්‍යවස්ථාව සකස් කර ගැනීමට එම උපදේශක සභාවෙන් උපදෙස් ලබමින් සිටිනවා.පාර්ලිමේන්තුවේ ලකුණු දමා ගන්නට විවේචනය කරන බේබිලාගේ රගර් ආශාවන් සංතෘප්ත කළ පරිපාලනයේ ප්‍රධාන විධායකයා වගේම,ක්‍රීඩා පණත පවා නොසළකා හරිමින් තවත් රගර් නියෝජිතයින් එම ක්‍රීඩා සභාවේ හිඳුවාගෙන කටයුතු කරනවා. ඒ අතරේ ක්‍රීඩා අමාත්‍යවරයා නාමල් රාජපක්ෂව ඉලක්ක කර කළ විවේචනය,ප්‍රායෝගිකව ගත් විට අවංක එකක් නොවන,සාමාන්‍ය ජනතාව රැවටීමට කළ සංදර්ශනාත්මක ප්‍රකාශයක් පමණක් වෙනවා.


ඒ වගේම අදාළ පවුම් 50000 සිඳුවීමට අදාළ නිලධාරීන්ට කිසිඳු චෝදනාවකින් තොරව සහ එයින් රාජ්‍යයට වන හානිය සළකා එවකට ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ මෙරට ඔලිම්පික් ආයතනයට හෝ නොදන්වා ජාත්‍යන්තර සම්මේලනය වෙනුවෙන් සිඳුවීම කළමණාකරනය කරන ඩේවිඩ් කැරිගි,අද ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් පෙනී සිටිනවා.ශ්‍රී ලංකාව දඩුවම් නොකළ නිලධාරීන් ආසියාවේ තනතුරුවලට ගොස් සිටින අතර එම නිලධාරීන්ට කිසිඳු චෝදනාවකට පෞද්ගලිකව වගකිව යුතු බව නොදන්වා දඩ මුදල වසර 10 න් ගෙවීමට හැකි වන පරිදි සකසා,එම බර ශ්‍රී ලංකා රගර් මත පැට වූ නිලධාරියා අද ආසියාව සමඟ එක් වී ව්‍යවස්ථාව වෙනස් කරමින්,වැරදි කළ අයට බලයට ඒම සඳහා බහුතරයකගේ ආශිර්වාදය ලැබෙන ආකාරයට ව්‍යවස්ථාව සකස් කිරීමට වත්මන් අමාත්‍යවරයාව මෙහෙයවමින් සිටිනවා.


මේ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ ඉලක්ක කර පාර්ලිමේන්තුවේ කරන විවේචන රටේ බලා සිටින ජනතාව පිනවීමට කළ ප්‍රකාශයක් පමණක් යන්න අපේ අදහසයි.වරද කළ පාලනයේම ප්‍රධාන විධායක උපදේශක සභාවේ සභාපතිය තබාගෙන,වැරදි කළ අයට කිසිඳු දඩුවමක් නොදී සහ එම පිරිස ප්‍රතික්ෂේප වන යාන්ත්‍රණය වෙනස් කර යළිත් ඔවුන්ට බලයට ඒමට හැකි ලෙස පදනම සකස් කරමින් සිටින ක්‍රීඩා අමාත්‍යවරයා පවුම් 50000 ගැන කළ කතාව අපට අනුවනම් සමාජය ඇන්දීමක් පමණයි.


ඒ වගෙම නාමල් රාජපක්ෂ ඊට පිළිතුරු ලෙස ලබා දුන් වර්ථමානයේ පාපන්දු ක්‍රීඩකයින්ගේ කතාව තමන්ගේ කාලයේ කළ වරද හා කිසිඳු ලෙසකින් සමාන වන්නේ නැහැ.ඒ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති අයයි.එහෙත් රගර් ක්‍රීඩාවට සම්බන්ධ වූ විදේශ ක්‍රීඩකයින් කිසිඳු ආකාරයකින් ලාංකේය සම්භවය රහිත පිරිසක් බව ස්ථිරවම පැවසිය හැකියි.ඔවුන් නිවැරදිව දැනුවත් නොකර තිබීම නිසා පසුව ඔවුන් යළිත් ෆිජී දේශය නියෝජනය කරමින් ද තරග කළා.මේ සිඳුවීම එළියට එන්නට බලපාන හේතුවත් එයයි.


ඒත් දෙපස සිට අදහස් දැක් වුව ද,එහි යම් වෙනස්කම් දකින්නට ලැබුණ ද,මේ වන විට ලංකාවේ රගර්, ව්‍යවස්ථානුකූලව නාමල්මය උවමනාව අනුව හැසිරවීම කරා ගෙන යාමේ වගකීම දරන්නේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයායි.මලියදේව විද්‍යාලයේ මෙන්ම සරසවියේ ද රගර් ක්‍රීඩාවට යම් ආකාරයක දායකත්වයක් දරා ඇති ප්‍රවීන මාධ්‍ය සඟයෙකු වන මහින්ද කුමාර දළුපොත කුරුණෑගල පැවති රගර් මෙන්ම රඳැල්ල ක්‍රීකට් ක්‍රීඩාංගණයට පහතින් ඇති රඳැල්ල රගර් ක්‍රීඩාංගණය සහ එහි ක්‍රීඩා කළ අතීතය වරෙක පැවසුවා.එම කාරණා නැවත පොළව තුළ ස්ථාපිත කිරීමටනම් ක්‍රීඩා අමාත්‍යවරයා කළ යුත්තේ පවතින ව්‍යස්ථාව මත පත්වන පරිපාලනයකට ලෝක සම්මේලනය සමඟ කතා කර අවශ්‍යය ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීමට අවස්ථාව දීමයි.එසේම පවුම් 50000 දඩයට වගකිව යුතු පුද්ගලයන්ගෙන් උපදෙස් ගැනීම නවතා,එම මුදල අය කර දළුපොත කියන කුරුණෑගල,රඳැල්ල වැනි බිම්වල නැවත රගර් ආරම්භ කිරීමට අදාළ පළාත් සංගම්වලට බලය පවරා සහයෝගය දීමයි.


රට පුරා ජාතික ජන බලවේග වේදිකාවේ භාවිතයට ගත් අම්බිගාලාට ගෞරවණීය ජීවිතයක් සමීප කිරීමේදී ක්‍රීඩාවටද සම අවස්ථා ලබා දීම කළ යුතුයි.නැවත රදැල්ල,ඌව මෙන්ම තල්දූව වැනි ඓතිහාසික රගර් බිම් අස්වැද්දීමට පළාත් මට්ටමෙන් වැඩ කිරීම සඳහා වැඩි බලයක් ස්ථාපිත කළ යුතුයි.මේ දක්වා පළාත් සංගම් කරන ලද වැඩ වලින් හඳුනාගෙන පිට පළාත්වලින් කොළඹ පාසල්වලට පැමිණ රගර් ක්‍රීඩා කරන පිරිස ඊට උදාහරණ ලෙස ගත හැකියි.වැරදි උපදෙස්වලින් සහ වැරදි තොරතුරුවලින් පෝෂණය වී සියල්ල දන්නවා සේ ප්‍රකාශ කිරීමට වඩා නොදන්නා දේ සෙවීමට කාලය වැය කළහොත් තව බොහෝ දේ කළ හැකි වනු ඇත.


අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කරන ලද කතාව පවුම් 50000 ක දඩය ගැන සැබෑ කම්පාවෙන් කළානම් ඊට වගකිව යුතු පරිපාලනයේ ප්‍රධාන විධායක නිලධාරියා තමන්ගේ ජාතික ක්‍රීඩා උපදේශක සභාවේ සභාපති ලෙස තබාගෙන සිටින්නේ ඇයි? ආසියාවේ සහ ජාත්‍යන්තර ලෙස ව්‍යවස්ථාව වෙනස් කරන්නට උත්සාහ කරන පිරිස් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති විය හැකි සබඳතා තිබියදීත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?පවුම් 50000 ක දඩය හරහා රටේ ආගමන විගමන නීති උල්ලංඝණයට මැදිහත් වූ,රට අපකීර්තියට පත් කළ අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි?ජනමාධ්‍ය විසින් හෙළි නොකළේනම් පවුම් 50000 සිඳුවීමට සම්බන්ධ ප්‍රධාන විධායකයා අමාත්‍යවරයාගේ ක්‍රීඩා සභාවේ මුල් පුටුවට ගෙන ඒමට අමතරව,එම සභාපතිවරයා ආසියානු තනතුර හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ රගර් මෙහෙයවන මුල් පුටුවේ ද නොවන්නේ ද?එසේ නම් කිරීමට බලාපොරොත්තු වන බවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරන්නට උත්සාහ නොකළේ ද?


එම විදෙස් ක්‍රීඩකයින් ඇතුළත්ව නම් කළ කණ්ඩායමක නම් සහිත සටහනක් ද මෙයට අමුණා ඇත.එහි ක්‍රීඩා අමාත්‍යවරයා අනුමාන කළ බේබිලා තුන් දෙනාගේ මෙන්ම විදෙස ක්‍රීඩකයින්ගේ නම් ද දකින්නට ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan