පුවත් මවන මන්ත්‍රී අර්ජුනාට වාරණයක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.

අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කථානයකවරයා සඳහන් කළේ රාමනාදන් අර්ච්චුනා මහතා සභාව තුළදී සහ ඉන් පිටතදී විශේෂ පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් සහ විවිධ සංවිධානවලට එරෙහිව සිදු කරමින් ඇති විවිධ අවමන් සහගත ප්‍රකාශ හේතුවෙන් ඔවුන් මුහුණ දී ඇති අසහනකාරී තත්වයන් පිළිබඳව කතානායකවරයාට පැමිණීලී ලැබී ඇති බවයි.

ඒ අනුව හෙට(20) සිට මැයි 08 දක්වා වූ දින 08 තුළ අර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.

මෙම හැසිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මහතාට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන බව නිරීක්ෂණය වී ඇති හෙයින් ඒ අනුව,අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම අත්හිටුවන බවයි කථානායකවරයා ප්‍රකාශ කළේ.

රමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තවදුරටත් පැවසුවේ.

එමෙන්ම, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල අවමන් සහගත ප්‍රකාශ, අසොභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කිරීමටද නියමිතයි.

එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවද කථානායකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : 2024 වසරට සාපේක්ෂව...