නිවැරදි විද්‍යාත්මක දත්ත මත ආර්ථිකය හසුරවන්න – විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට උපදෙස්!

Date:

කොළඹ LNW:2025 ජනවාරි මාසයේ නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයකු සදහා මාසයක් ජීවත් වීමට රු 16334ක් යැයි ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තීන්දු කර ඇති බවත් 4ක් සිටින පවුලකට මසකට 65336ක් යන බවත් මේ තුළින් ජීවත් විය හැකි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ආහාර මෙන්ම ආහාර නොවන වියදම් ද ඇති අතර වත්මන් බඩු මිලත් සමඟ මේ ඉලක්කයට යා හැකි ද කියා ගැටලුවක් ඇති බවයි විපක්ෂ නායකයා කියාසිටියේ.

ආනයනික කිරිපිට ග්‍රෑම් 400 පැකට්ටුව රු 50කින් ඉහළ යන මොහොතක 4 දෙනකු සිටින පවුලක ආහාර සදහා රු. 65336ක් ප්‍රමාණවත්වද කියා ගැටලුවක් ඇති බවද හෙතෙම පැවසුවේ.

ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ වෙළෙද වාණිජ හා සමුපකාර ක්ෂේත්‍රයට අදාළ අයවැය විවාදයට එක්වෙමිනි.

ඒ අනුව මේ ගැන රජය නැවත විපරමක් සිදු කරන ලෙසත් අද වන විට දරිද්‍රතා රේඛාව මනින ක්‍රමය ගැන දෝෂ රැසක් ඇති බවත් මේ ගැන සොයා බලා දත්ත කේන්ද්‍රීයව රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරන ලෙසත් වැරදි දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වුවහොත් හැමදේම අවුල් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ හිටපු රජය අස්වැසුම ලබා දුන්නේද මෙවැනි අවිද්‍යාත්මක දත්ත මත පදනම්ව බවයි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ දී ගුණාත්මකභාවයෙන් ඉහළ පාරිභෝගිකයා සුරකින නව ක්‍රමවේදයකට ගොස් නීතිය ශක්තිමත් වී පාරිභෝගිකයා දැනුවත් වී ඵලදායී පැමිණීලි නිරාකරණ යාන්ත්‍රණයක් පැවතීම, නිෂ්පාදනය ආශ්‍රිත ආරක්ෂාව පැවැතීම යහපත් වෙළෙදදැන්වීම් හා අලෙවිකරණ පරිචයන් නිර්මාණය වීම, දත්ත ආශ්‍රිත ආරක්ෂාව මෙන්ම අධීක්ෂණය හා බලගැන්වීම සිදුවිය යුතු බවත් මේ හරහා පාරිභෝගිකයා සුරැකෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...