නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියක්: වැඩ භාරගැනීම හෙට

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පත්කර ඇති බව සඳහන් වේ.

1999 වසරේ දී තක්සේරුකරුවෙක් ලෙස දේශීය ආදායම් සේවයට බැදෙන ඇය ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙක් සහා නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ලෙස උසස් වීම් ලබා විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක් ලෙස කටයුතු කරමින් සිට දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජනරාල් ලෙස හෙට දින නිල රාජකාරි කටයුතු භාරගැනීමට නියමිත බව වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...