ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සාකච්ඡා!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ සිරියාවේ ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන් වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළේ, ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බවයි. අනාගත සංවර්ධනය සඳහා තමන් ද එක්වීමට සූදානම් බව ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි පවසා ඇත.

මෙහිදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡා සිදුවූ අතර, මෙම ක්ෂේත්‍රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...