රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ජෛව වායුව නිෂ්පාදනය කිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ සහයෝගය ලබාගැනීම පිළිබඳව අවදානය යොමුව ඇත.
නෝර්වේ කොන්සල්වරයා (Sturle Harald Pedersen) සහ මෙරට විෂයභාර අමාත්‍යවරයා ( කේ.ඩී. ලාල්කාන්ත) අතර පැවති මෙම හමුවේදී සූර්ය බලය, සුළං බලය සහ සාගර රළ වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.
විශේෂයෙන්ම, දිවා කාලයේ උත්පාදනය වන අතිරික්ත සූර්ය ශක්තිය භාවිතයෙන් හයිඩ්‍රජන් ඉන්ධන නිපදවීමට ඇති හැකියාව මෙහිදී ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත.
මෙම නවීන බලශක්ති උපායමාර්ග කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතියට මෙන්ම රටේ පොදු ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට ද දායක කරගැනීමට අපේක්ෂිතය.
අදාළ ව්‍යාපෘති වාර්තාව මේ වන විට රජය වෙත භාර දී ඇති අතර, එය තිරසාර බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරකි.


