ශ්‍රීලන්කන් – එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් විමර්ශනය

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවකට අදාළව සිදුවූ බව කියන මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවල ප්‍රගතිය අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ අනුව, හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින් පිරිසකට හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න) සහ ඔවුන්ගේ සමීපතමයින්ට (හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂ ) රුපියල් මිලියන ගණනක අල්ලස් මුදල් ලබාදුන් බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී ඇත.

මෙම නීති විරෝධී මුදල් අවස්ථා කිහිපයකදී පෞද්ගලික නිවාස වෙත( අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට)  ලබාදුන් බව සැකකරු විසින් පාපොච්චාරණය කර තිබේ.

මීට අමතරව, අදාළ මුදල් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙතද බැර වී ඇති බවට සාක්ෂි ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...