ඉන්ධන මිල කළමනාකරණය ගැන ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව එහිදී පුළුල් ලෙස අවධානය යොමු කර ඇත.

උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඒ සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...