ගාමිණීත් අයින් වෙයි – කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රී සංඛ්‍යාව 7ක් දක්වා ඉහළට !

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වී තිබේ.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතාව එම කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමට විරෝධය පළ කරමිනි.

කෝප් කමිටුවෙන් පෙරේදා (18) දිනයේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වූ අතර ඊයේ (19) දිනයේදී චරිත හේරත්, දයාසිරි ජයසේකර එස්. එම්. මරික්කාර්, හේෂා විතානගේ සහ රාසමානික්කම් ශානක්කියන් යන මන්ත්‍රීවරුන් ද ඉල්ලා අස්වී තිබිණි.

RN