ආණ්ඩුව ඡන්දෙට මුදල් හොයන්න කෝටි 2 ගානේ බාර් ලයිසන් 200ක් බෙදනවා – විපක්ෂ නායක සජිත්ගෙන් අනාවරණයක්

Date:

එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති බවත් ඉන් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි 2ක කප්පම් මුදලක් ලබා ගැනීමක් සිදුවන බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එසේම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 6ක් ද දැනට ලබා දී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි නැමැත්තා නැවත පත් කර ඇත්තේ මේ සඳහා බවත් ඡන්දයට මුදල් එකතු කිරීමක් ද කියා සැක සහිත බැවින් මෙහි සත්‍යතාව අනාවරණය කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසා සිටින්නේ රටේ 41ක් ලක්ෂයක් වූ පාසල් දරු පරපුර වෙනුවෙන් බවත් තමා වරප්‍රසාදවලට යට වී බොරු නොකියන බවත් මේ කියන දේ වගකීමෙන් කියන බවත් මේ අනීතික බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් යටතේ නැවත ලබා ගන්නා බවත් මේ සම්බන්ධ අංගසම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...