(VIDEO):තවදුරටත් වෘත්තීය සමිතිවල පදේට නටනවද නැද්ද? වහාම රටට කියන්න. මන්ත්‍රී මරික්කාර් මහ බැංකු අධිපතිව ප්‍රශ්න කරයි!

Date:

කොළඹ LNW:මහ බැංකුවේ කළමනාකාරීත්වය කටයුතු කරන්නේ එහි වෘත්තීය සමිතිවල අවශ්‍යතාව අනුවද යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රශ්න කරයි.

මහ බැංකුවේ ආන්දෝලනාත්මක වැටුප් වැඩිකරගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව තිබෙන විරෝධයට අනුව මේ වන විට එම වැටුප් වැඩිකිරීම අඩුකිරීමට එකඟවන ලෙස මහ බැංකුවේ කළමණාකාරීත්වය වෘත්තීය සමිති වෙත දැනුම් දීමක් කර තිබෙන අතර ඊට එකඟවිය නොහැකි අතර එසේ වුවහොත් ඒ සම්බන්ධයෙන් මහ බැංකුව ගනු ලැබූ තීරණයන්හි නිරවද්‍යතාව විවාදයට ලක්විය හැකි බවට වෘත්තීය සමිති පෙරළා දැනුම් දී තිබේ.

කෙසේවෙතත් වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ගොස් රටට සිදුව තිබෙන හානිය පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මහ බැංකුවේ එම වැටුප් වැඩිවීම වැරදි බවට මේ වන විට අධිපතිවරයා සහ කළමණාකාරීත්වය පිළිගෙන ඇති හෙයින් තවදුරටත් වෘත්තීය සමිතිවල අවශ්‍යතාව පරිදි වැඩකරනවාද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...