දෙවොල් යාතිකා වෙනුවට දෙවොල් පොර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW):තමාට දේවාලයට යෑම නවත්වා නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේට හැකියාවක් නැති බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල තිඹිලත් රත්නායක පවසා ඇත.

මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් ඉල්ලලා නඩු දාන්න මගේ නීතිඥයෝ හෙට (21 වැනිදා) පියවර ගන්නවා’’ යැයිද ද සොමිපාල තිඹිලත් රත්නායක කියා ඇත.

‘‘මම මහා දේවාලයේ උත්සවවලට විතරයි යන්නේ. අලුත් අවුරුදු උත්සවයට මම දේවාලයට යනවා. මේ යකාට ඕවා කරන්න දෙන්න බැහැ’’ යැයිද ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

පෙරේදා (18 වැනිදා) සිට, රුහුණු මහා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ පූජා කළ රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව චෝදනාවට දේවාල මාලිගාවට ඇතුළු නොවන්නැයි ප්‍රධාන කපුරාල හා ගබඩා භාරව සිටි චූටි කපුරාලට බස්නායක නිලමේ විසින් ලිඛිතව දැනුම් දී තිබේ. රන් තැටියක් පූජා කළා යැයි කියන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් එවැනි දෙයක් පූජා නොකළ බවට පසුව ප්‍රකාශ ලබාදී ඇති බවද ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක පවසා ඇතැයි වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...