කෝප් කමිටුවෙන් වසන්ත යාපා බණ්ඩාරත් යන්න යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): අද (20) උදෑසන දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

එම අවස්ථාවේ දී නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දුන් අතර, තමාගේ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී ඇති අතර, මෙලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්

පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...