වර්තමාන පාර්ලිමේන්තුව කෙරෙහිම ජනතාවගේ විශ්වාසය මුලුමනින්ම භංග වෙලා – අනුර පාර්ලිමේන්තුවේදී සියල්ල නිහඬ කරයි! (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW):

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක් වෙමින් අද (20) දින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනු ලැබුවේ, කතානායකවරයා පමණක් නොව, ජනාධිපති හා කැබිනට් මණ්ඩලයද අනීතිකව ක්‍රියා කරමින් හැසිරෙන බවත් , වර්තමාන පාර්ලිමේන්තුව කෙරෙහි පවා ජනතාවගේ විශ්වාසය මුලුමනින්ම භංග වී ඇති බවත්ය.

තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා, මහින්ද යාපා අබේවර්ධන 1987දී හෘදය සාක්ෂියට එකඟව කටයුතු කර මන්ත්‍රී ධුරය අහෝසි කර ගත් නමුත් එදා ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කළ ද කාලයාගේ ඇවෑමෙන් මුලුමනින්ම බිඳවැටී ආණ්ඩු පක්ෂයේ වුවමනාවන් අනුව හැසිරෙන පරපෝෂිතයෙකු බවට පත්වී සිටින්නේ යැයි ද පැවසීය.

අද රජයේ කිසිදු තනතුරක් දරන නිලධාරීන් එම තනතුරට වගනොකියන බවත් වවුනියාව ප්‍රදේශයේ විශාල කටවුට් ප්‍රදර්ශනය කරමින් පොලිස්පතිගේ හැසිරීම ඡන්ද අපේක්ෂකයෙකුගේ හැසිරීම හා සමාන බව ද දූෂිත දේශපාලන සංස්කෘතිය නිසා රටේ සියලුම පද්ධති බිඳ වැටී ඇති බවත් මහින්ද යාපා ගොදුරු වී සිටින්නේ ද එම සංස්කෘතියට බවත් පැවසීය. මෙම පරිහානිය කොතෙක්ද යත්, තම පක්ෂ නායකයින් හට වේදිකා මතදී බඩගාගෙන යමින් වැඳ වැටෙන තත්වයේ යටත් වැසියන් ලෙස කටයුතු කිරීම මහින්ද යාපා කෙරෙන්ද ප්‍රදර්ශනය කෙරෙන්නේ යැයිද කියා සිටියේය.

එම පොදු තත්වයට අමතරව, මහින්ද යාපා අබේවර්ධන කතානායකගේ පුද්ගලික ක්‍රියාකාරීත්වයෙන් ද පරපෝෂිතයෙකු ලෙසින් ක්‍රියා කිරීම නිසා තත්වය තව දුරටත් පරිහානියට පත් වී ඇති බවත් ප්‍රකාශ කළේය.

කතානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම් ලෙස වසන්ත යාපා අබේවර්ධන ද, සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සරත් යාපා අබේවර්ධන ද ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස ඉඳුනිල් යාපා අබේවර්ධන මෙන් ම, තවත් නිලධාරියෙකු ලෙස චාමර සී යාපා අබේවර්ධන ද පත් කර ගෙන ඇතැයි හෙළි කළේය.

එමෙන් ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විදේශ නිල සංචාරයන්ට එක්වීමේදී ඔහුගේ පරම්පරාවම කැටිව යාම තුළින් එය පවුලේ විදේශ සංචාරයක් බවට පත් කර ගෙන තිබීම වැනි පරපෝෂිතභාවයට පත් වී ඇතැයි ද පෙන්වා දුන්නේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...