ජන අරගලයේ විරෝධතාව අතරතුර පොලීසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුම්. ජල හා කඳුළු ගෑස් ප්‍රහරයකුත් එල්ල වෙයි! 30ක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:ජන අරගල ව්‍යාපාරය විසින් අද (20) පිටකොටුවේදී සංවිධානය කර තිබුණු විරෝධතාවට පොලීසියෙන් දැඩි බාධා කිරීම් මෙන්ම ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එලල් වූ අතර විරෝධතාකරුවන් හා පොලීසිය අතර ඉතා උණුසුම් තත්ත්වයන් හට ගැනුණි.

විරෝධතාකරුවන් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ද ගෙන තිබේ.

බදු බර,බඩු මිල පහත හෙලනු, ATA,OSA ඇතුළු සියලු මර්දන පනත් ඉරා දමනු,රාජ්‍ය ආයතන විකිණීම වහා නතර කරනු යන්න රජයට බල කරමිනුයි එම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් දුමින්ද නාගමුව,වසන්ත මුදලිගේ ඇතුළු වෘත්තිය සමිති නායකින් පිරිසක් සහභාගි වී සිටි අතර පොලිස් විරෝධය නොතකා ඔවුන් කොටුව බෝධිය දෙසට ගමන කළ අතර අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් ඉදිරියට යාම වැළැක්වීමට පොලීසිය දැඩි උත්සාහයක ගන්නා ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ අසලදී විරෝධතාකරුවන්ට ජල හා කඳුළුගැස් ප්‍රහාරයක් එල්ල කිරීමටපොලීසිය කටයුතු කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

https://www.readphotos.com/photo-stories/650/Sri%20Lankas%20police%20used%20tear%20gas%20and%20water%20cannons%20to%20disperse%20a%20protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ පරාජයෙන් පසු සජබෙන් ඇමති වටගලට වටකර පහරදීමේ මෙහෙයුමක්

කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන්...

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...

සෝමවංශ වංශකතාව ….

88 - 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු...

වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී...