වැඩි ගාණට අරන් පිටි කිරි බීලා ලෙඩ හදාගන්න එපා – කිරිපිටි මිල ඉහළ යාමට රාජ්‍ය ඇමතිගෙන් කදිම විසඳුමක් !

Date:

පිටි කිරි යනු දියර කිරිවල තිබෙන පෝෂණ ගුණ ඉවත් කර වියලා සුදු පැහැති පිටි වර්ගයක් ලබාදීම බවත්, මේ නිසා ජනතාව පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතයට හුරුවිය යුතු බවත් පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.

දියරි කිරි පිටි බවට පත් කිරීමේදී දියර කිරිවල තිබෙන ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරන බවත්, මේදය වෙනුවට ෆාම් ඔයිල් එකතු කරන බවත්, පිටිකිරි බවට පත්වීමේදී තවත් බොහෝ පෝෂ්‍ය කොටස් ඉවත් වන බවත් ඇමතිවරයා සඳහන් කරනවා. ඒ වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය පිටිකිරිවලට එකතු කරන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඒ බොහෝ රසායනික ශරීරයට අහිතකර බවයි.

මේ නිසා පිටිකිරි භාවිතය සීමා කර හැකිතරම් දියර කිරි භාවිතයට හුරු වියයුතු බවත්, සිය රාජ්‍ය අමාත්‍යංශයේ වගකීම ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කිරීම බවත් හේරත් මහතා පවසනවා.

විදේශයෙන් ආනයනය කරන, ශරීරයට අහිතකර පිටිකිරි වර්ග වැඩිමිලට ලබාගෙන භාවිතා කිරීම වෙනුවට ගුණදායී දේශීය දියර කිරි හැකිතරම් ආහාරයට ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දේශීය දියර කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සිය අමාත්‍යංශය සූදානම් බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...