Thursday, March 30, 2023
spot_img

Latest Posts

ජාජබ 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සූදානමින්

ලබන 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් වෙනවා. වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී පාලනයට එරෙහිව මෙම ජන රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම හේතුවෙන් සමස්ත ආර්ථික දේහයම කඩාවැටී ඇති බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ මේ හරහා රටතුළ කලු ආර්ථිකයක් නිර්මාණය වී ඇති බවයි. මේ හේතුවෙන් ජනතාව විඳින පීඩා දෙගුණ තෙගුණ වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් පරිදි සාධාරණ මිලකට ලබාදීමට පාලකයන් අසමත් වී ඇති බවත්, භාණ්ඩවල මිල ඉහළ යන ප්‍රතිශතය හා මිල ඉහළ යන වේගය අන් කවරදාටත් වඩා වර්ධනය වී ඇති බවත් ඔහු පවසනවා.

දැඩිලෙස ජනතාව පීඩාවට පත් කරන වත්මන් පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතු බවත්, ඊට නායකත්වය ලබාදීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් අනුර දිසානායක මහතා සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.