බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංරක්ෂණයට පීපල්ස් ලීසිං සහාය

Date:

බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංරක්ෂණය කිරීම සඳහා පීපල්ස් ලීසිං සහ මූල්‍ය සමාගම එම උද්‍යාන කළමනාකරණ මණ්ඩලය සමඟ දැනුවත්කරන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

බැද්දගාන තෙත්බිම් කලාපයේ ජෛව විවිධත්ව වටිනාකමකින් යුක්ත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණිනි මෙම වඩසටහන ආරම්භ කර තිබෙන්නේ.

ඒ අනුව පීපල්ස් ලීසිං සහ මූල්‍ය සමාගම බැද්දගාන තෙත්බිම් උද්‍යානය කළමනාකරණය සමඟ ඒකාබද්ධව දියත් කරන මෙම ව්‍යාපෘතිය හරහා, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ ජෛව විවිධත්වය හා පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ. 

මෙහිදී තෙත් බිම් පරිසර පද්ධති වල වැදගත්කම පිළිබඳ පුවරු සවිකිරීමක් සිදුකර ඇති අතර, පැළ සිටුවීමේ මෙහෙයුමක් ද දියත් කර තිබේ.

මෙම පුවරු මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ඉකුත් මාර්තු 10 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූමි අලංකරණ අංශයේ අධ්‍යක්ෂ චන්දනා කළුපහන මහත්මිය විසින් සිදුකළ අතර, එම අවස්ථාවට පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලීන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන යන අය සහභාගී වූහ.

බැද්දගාන තෙත්බිම් උද්‍යානය ප්‍රධාන ගංවතුර රැඳවුම් ප්‍රදේශයකි. අලංකාර හා ඉතා වටිනා ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත වන බැද්දගාන තෙත්බිම් උද්‍යානය කෝට්ටේ කුරුළු අභයභූමියේ පිහිටා ඇත. මෙම උද්‍යානය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූමි අලංකරණ අංශය විසින් කළමනාකරණය වෙයි.

බොහෝ පක්ෂීන්, සමනලුන්, බත්කූරන් වැනි කෘමිසතුන්, විවිධ ක්ෂීරපායීන් හා වෙනත් සතුන්ගේ නිවහනක් වන බැද්දගාන තෙත්බිම් උද්‍යානයෙහි විවිධ ශාක හා ගස් වර්ග ද දක්නට ලැබේ. මින් සමහරක් ශ්‍රී ලංකාවට ආ‍වේණික ශාක හා සතුන් වේ.

ජනතාවට විවේකය ගත කිරීම ඇති අවස්ථා ඉහළ නැංවීම හා මහජන ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ජනතාවට දුරබැහැර සංචාරයකින් තොරව දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දීමට මෙම සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. රට තුළ විවේක උද්‍යාන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල එක් අංගයක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...