යේමනයේ හවුතිවරුන් සම්පූර්ණයෙන්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ පිටුබලය ලබන යේමනයේ හවුති සටන්කාමින් සම්පුර්ණයෙන්ම පරජය කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(19)දිනයේදී ප්‍රකශ කර තිබේ.

රතු මුහුදේ දී ඇමරිකානු යුද නැව් ඉලක්ක කිරීම හා ඊශ්‍රායලයට එරෙහිව මිසයිල දියත් කිරීමක් හවුතිවරුන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු වාණිජ හා නාවික යාත්‍රා ලෝකයේ ජල මාර්ගවල නිදහසේ යාත්‍රා කිරීම කිසිදු ත්‍රස්තවාදී බලවේගයකට නතර කළ නොහැකි බව ප්‍රකශ කරමින් යේමනයේ අගනුවර වන සානා වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පසුගිය 16වන දා නියෝග කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශයට ත්කර තිබේ.

2023 අගභාගයේදී ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉරානයේ පිටුබලය ලත් හවුති කැරලිකරුවන්, හමාස් සංවිධානයට සහය පළකිරීම වෙනුවෙන් පසුගිය වසයෙන් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් වෙළඳ නෞකා 100කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර විනාශ කරණ ලදී.

ඊට ප්‍රතිචාර වශයෙන් අවස්ථා කිහිපයකදී එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍යය මීට පෙර යේමනයේ හවුති පාලනය යටතේ පැවති ප්‍රදේශවලට පහර දී ඇති අතර හිටපු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රහාර මාලාවක දියත් කරන ලදී.

කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් අනතුරුව හවුති කැරලිකරුවන් විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස අසාදු ලේඛනගත කළ අතර හවුතිවරුට සහය පළකිරීම සම්බධයෙන් ඉරානයටද අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...