මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරෙක් කෝටි ගාණක මත්කුඩු සමඟ අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ (LNW):

රු. කෝටි 46 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

පොලිසිය පවසන්නේ, එම සැකකරු සමග 33 Kg ක ට අධික මත්කුඩු තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මාතර දික්වැල්ල ඌරුගමුව  රදම්පොළ ප්‍රදේශයේ නිවසක  මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශයට ලද තොරතුරකට අනුව  සිදු කළ වැටලීමේදී සැකකරුගේ නිවසේ රහසිගත කාමරයක  අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බවයි.

එම මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් විසි නවයක විවිධ ලාංඡන සහිතව සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන  නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන රන් උළුගේ චරිත් සඳකැලුම් නොහොත් රන් මල්ලි නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය දික්වැල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක පාසල් මිතුරෙකු වන  සැකකරුට මුහුදු මාර්ගය ඔස්සේ එවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස දෙකකට පමණ ඉහතදී මාතර කාර්මික විද්‍යාලයේ රියදුරු රැකියාවෙන් ඉවත්ව ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරන අතර, 43 හැවිරිදි සැකකරු තිදරුපියකු වන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවූම් නියෝග ලබාගෙන  වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිත බව වැඩි දුරටත් සදහන් කලේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂකවරයකුගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...