දිනේෂ් ගුණවර්ධනලා බර්ටි ප්‍රේමලාල්ලා සමූපකාරය ගිල්ල හැටි මෙන්න.කෝටි ගණනින් හොරකම්.ණය ගත්තුවත් බිලියන ගණනින් පොළු!

Date:

කොළඹ LNW:වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ යටතේ පවතින සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව ඇති සමූපකාර සමිතිවල දේපළ පැවති පාලනයන් විසින් අයථා ලෙස භාවිතා කර ඇති ආකාරය පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඊයේ (19) දින පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධ කාරක සභා විවාදයේදී එම කරුණු අනාවරණය වූ අතර දේශපාලන අධිකාරිය විසින් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සමූපකාර ක්ෂේත්‍රය භාවිතා වී ඇති අන්දම එහිදී හෙළි වුණි.

විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා විවාදයට එක්වෙමින් පැවසුවේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව රට පුරා ඇති ඉඩකඩම්,මූල්‍ය වත්කම් ඇතුළු සෙසු භෞතික වත්කම් පැවති දේශපාලන අධිකාරීන් විසින් ඔවුන්ගේ වුවමනා වෙනුවෙන් භාවිතා කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමූපකාරය සතු බදුවත්ත ඉඩම් දෙකක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පවුලේ ඥාතීන් විසින් අත්පත්කරගෙන සිටින අතර කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක පවුලේ ඥාතීයෙක් ද සමූපකාරයට අයත් ඉඩමක් අත්පත් කරගෙන පදිංචිව සිටින බව හෙළි විය. එම ඉඩම් සඳහා වරිපනම් ගෙවීමද සිදුවන්නේ අමාත්‍යාංශය විසින් බව සඳහන්.

මේ අතර සමූපකාරයට අයත්ව තිබුණු තඹුත්තේගම ඉන්ධන පිරවුම් හල එම ප්‍රදේශයේ සිටි ප්‍රබල දේශපාලකයෙක් වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක විසින් අත්පත්කරගෙන තිබේ.

තවද බස්නාහිර පළාතේ පමණක් සමූපකාර සමිතිවලින් මෙන්ම සමූපකාර ග්‍රාමීය බැංකුවල මුදල් කෝටි 500කට වැඩි ප්‍රමාණයක් හොරකම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදී.

”2010 සිට 2024 කාල සීමාව ගත්තොත් ණය දීල තියෙනවා,අය කරගත නොහැකි ණය මුදල බිලියන 1000ක් දක්වා දැවැන්ත මුදලක් අයකරන්නේ නැතුව අත්හැරලා තියෙනවා. අතිරික්ත අරමුදලෙන් ණයට සල්ලි දීලා තියෙනවා මිලියන 392ක්. .පොළිය මිලියන 221 හැදිලා තියෙනවා. මිලියන 614ක් අත්පත්කරගත්තේ නැති ණය ලෙස තියෙනවා. විගණන ෆයිල් 121කින් 60ක් අතුරුදහන්. චක්‍රීය අරමුදලෙන් දීලා තියෙනවා මිලියන 501ක්. එක රුපිඔයලක් අය කරගෙන නැහැ.”

මේ අතර සමූපකාර සමිති අතුරු සම්මත වයවස්ථා සාදාගෙන ඇත්තේද හොරකම් කිරීමට හැකිවන පරිදි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...