සෞඛ්‍ය අමාත්‍යාංශයේ භූතයා CIDයට කොටුවෙයි !

සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ වසර 10ක් තිස්සේ විවිධ කටයුතුවල නියැළුණු අමුතුම තාලේ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුවී ඇති බව වාර්තා වේ.

කිසිදු ආකාරයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයකු හෝ වෙනත් ආකාරකින් අමාත්‍යාංශයට සම්බන්ධ පුද්ගලයෙකු හෝ නොවන මොහු නිරන්තරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රය තුළ සැරිසරන්නෙකු වන අතර එහි සෑම අංශයකටම යෑමට ඒමට හැකියාව ඇති අයෙකි. ඒ හැකියාව කොතරම් බලගතුද යත් ඔහුට වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුවලට පවා ප්‍රවේශය තිබී ඇති බව සඳහන්. ඒ සම්බන්ධකම් හරහා ඔහුට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පවා වෙනස් කරවීමේ බලයක් තිබී ඇති බව කියැවේ.

මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව CID නිලධාරීන් කණ්ඩායමක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් ඇත. ඒ වනවිටත් අදාළ පුද්ගලයා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ සිට ඇත. ඔහු එතරම්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ගැවසෙන්නෙකි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් මේ පුද්ගලයාව CID නිලධාරීන්ට පෙන්වා ඇති අතර CID නිලධාරීන් ඔහුව එම ස්ථානයේම රඳවාගෙන පැය තුනක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. ඉන් අනතුරුව අවශ්‍ය වුවහොත් ඔහුව නැවතත් CIDයට කැඳවන බව පවසමින් ඔහුව මුදාහැරීමට එම නිලධාරීන් කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙසේ ප්‍රශ්න කර ඇත්තේ මොහොමඩ් නසාර් නිස්මතුල්ලා නමැති අයෙකුගෙන් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් CIDයෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු අප වෙත සඳහන් කළේ මෙම පුද්ගලයාව වැඩිදුර විමර්ශන සඳහා නැවතත් කැඳවීමට නියමිත බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නඩුව අදත් කල්යන ලකුණු. රනිල් චීනයට සහ ඉන්දියාවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම්...

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ජපානය යෙන් බිලියනයක ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාවේ...

පාකිස්ථාන පුවත් නිවේදිකා Rabia Ahsanගේ ඛේදනීය මරණය: තුවක්කුව අහම්බෙන් ක්‍රියාත්මක වූ බව සැමියා පවසයි

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: දකුණු ආසියානු කලාපය තුළ...

වසර 108කට පසු අලුත් වුණු ව්‍යාපාර නාම ලියාපදිංචිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල,...