දේශබන්දුට අධිකරණය මඟහරින්න සහය දුන් අයටත් වැඩ වරදියි!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනගාර ගතව සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පසුගිය පෙබරවාරි 27 සිට ඊයේ (19) දිනය දක්වා අධිකරණය මඟහැර සැඟව සිටීමට සහය දුන් අය පිළිබඳ විමර්ශනයක් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව එළඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

පිටු 12කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තිබෙන චෝදනා ලෙස,

“මාතර W15 හෝටලයට ගිනි අවියකින් වෙඩිතබා අනර්ථයක් සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 08ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමෙන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් සිදු කිරීම.”

“රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධී බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා 09ක්.” දක්වා තිබේ.

ඒ අනුව “මෙම නඩුකරයට අදාළව තීරණාත්මක විමර්ශන ක්‍රියාවලියක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බැවින් ද සැකකරු අධිකරණ නියෝගය පැහැර හැරීම තුළ විමර්ශන පියවර සම්පූර්ණ කිරීමට පැමිණිල්ලට හැකියාව ලැබී නොමැති බැවින් ද සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද ඇප අයැදීම ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය සිය ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇත.

එමෙන්ම පසුගිය 27 වනදා සිට ඊයේ දිනය දක්වා දේශබන්දු තේන්කෝන් මහතා රැඳී සිටි ස්ථාන ගැන කරුණු වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝගයක් දී තිබේ.

මෙම නඩුවට නීතිපතිවරයා වෙනුවෙන් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් පැවසුවේ,

ස්වාමීනි, මම ඇත්තටම ලැජ්ජා වෙනවා අධිකරණයට මේ වගේ ආරක්ෂකයින් පිරිසක් සමඟ අද එන්න වෙච්ච එක ගැන. මම කවදාවත් අධිකරණයට මේ විදිහට අපු කෙනෙක් නෙවෙයි. නමුත් මම මේ නඩුවට පෙනී සිටීම නිසා මගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා. අන්න ඒ නිසයි මට මේ වගේ ආරක්ෂාවක් සමඟ අධිකරණයට එන්න වුණේ. කොහොම වුනත් මේ නඩුවේ තවත් විත්තිකරුවන් 6ක් හෙට දිනයේදී අධිකරණයට භාර වන බවට මෝසමක් මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් අධිකරණය යුක්ති සහගතව ක්‍රියාත්මක වෙයි කියල අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම මේක අධිකරණ ඉතිහාසයේ යුක්තිය ඉටු වෙන තවත දවසක්. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් අධිකරණයට මාගේ ස්තූතිය පුද කරනවා. මෙවැනි නඩු සාමාන්‍යයෙන් කල්මරලා අපගමනය වීමට සලස්වනවා. එය සමහර අයගේ බලාපොරොත්තුවක්. එබවින් මම මේ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා නඩුවේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන්න විමර්ශන නිලධාරීන් මෙහෙයවන්න කියල. ගේ ඇතුලෙදි හමුවුණු දුරකථන දෙකයි දවස 20ක් සැඟවිලා ඉන්දැද්දී භාවිතා කරපු දුරකථනයි විමර්ශන නිලධාරීන්ට භාරදෙන්න කියන්න. ස්වාමීනි, ඒවගේම බන්ධනගාර ගතවෙලා ඉන්නකොට ප්‍රකශ ලබාගන්නත් අවසර ලබාදෙන්න. මෙවැනි සිදුවීම් සිදුවන්නේ පැවති රාජ්‍යයන්වල දුර්වල පාලනයන් නිසා. කොහොම වුනත් යහපත් රජයක යහපැවැත්ම පිළිබඳ මෙවැනි අධිකරණ තීන්දුවලින් මානව පිළිඹිඹු වෙනවා.” යනුවෙනි.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම්වලට අධිකරණය අවසර ලබාදී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...