රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු F-35 ප්‍රහාරක යානයක් ඉරානයට ඉහළින් සිදුකළ මෙහෙයුමකින් පසු මැදපෙරදිග ගුවන් කඳවුරකට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා කරයි.
මෙම යානය ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇති බවට සැකකෙරෙන අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ද එම ප්‍රකාශය තහවුරු කරමින් වීඩියෝ දර්ශන නිකුත් කර ඇත.
වර්තමාන යුධ තත්ත්වය යටතේ දෙපාර්ශවයටම මාරාන්තික හානි සිදුවී ඇති නමුත්, ඉරානයේ නාවික සහ මිසයිල බලය විනාශ කිරීමේ ඇමරිකානු අරමුණු වෙනස් වී නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ගැටුම හේතුවෙන් ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑමේ සහ ආහාර සුරක්ෂිතතාවය අඩාල වීමේ දැඩි අවදානමක් ද මතු වී තිබේ.
මේ වනවිටත් කලාපය තුළ පවතින මෙම දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ දෙරටේම හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.



