අකර්මණ්‍ය රට ගොඩනැඟිය හැක්කේ කෙසේද ? – විපක්ෂ නායක සජිත් පැහැදිලි කරයි (VIDEO)

Date:

රටක් දුවන්නට ඇති එන්ජින් සියල්ල අකර්මණ්‍ය වී ඇති මොහොතක කල්පනා කළ යුතු වන්නේ රට ගොඩනගන්නට ඇති ක්‍රමවේද මොනවාද කියා බවත්,බංකොලොත් රට ගොඩනැඟිය හැක්කේ විධිමත් වැඩපිළිවෙලක් තුළින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට පුරා බලවත් ව්‍යසනකාරී තත්ත්වයක් පවතිද්දී රටේ පාලන බලය ලබාගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය වැනි සුබසාධන සුබ සාධන ක්‍රියාවලීන් ද ඇඟලුම් කම්හල් වැනි සංවර්ධන වැඩපිළිවෙලවල් ද ආරම්භ කළ බව පැවසූ විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කිසිවෙක් ජනසවිය කප්පාදු කරන ලෙස ඉල්ලා නොසිටිය බවත්, හතළිස් තුන් ලක්ෂ දූදරුවන්ට ලබාදුන් දිවා ආහාරය කප්පාදු කරන ලෙස ඉල්ලා නොසිටිය බවත්, නිල ඇඳුම් කප්පාදු කරන ලෙස ඉල්ලා නොසිටිය බවත් සිහිපත් කළේය.

ඊට හේතුව වන්නේ එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදි ලෙස ගනුදෙනු කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා කණගාටුවට කරුණ වන්නේ අද එය එලෙස සිදු නොවීම බව ද පැවසීය.

ජනතාවට දරාගත නොහැකි තරම් විදුලි බිල ඉහළ දමා ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ අන්තනෝමතික පාලනයට එරෙහිව විදුලි බිල නොගෙවෙන වැඩ පිළිවෙලකට යා යුතු යැයි ද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළොන්නාව ප්‍රදේශයේ පැවති පැවති ජන හමුවක් අමතමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...