නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේ වැඩපිළිවෙළක්

Date:

මෙරට පුරවැසියන් විදේශ රැකියා සදහා යොමු කිරීමේදී නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කර රැකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

සහජ දක්ෂතා ඇති පෙදරේරුවන්, වෑල්ඩින් ශිල්පීන්, මේසෙන්වරුන් වැනි විවිධ වෘත්තීන්වල නියැලෙන ශිල්පීන් රැසක් ලංකාවේ සිටියත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා සහතික පත් නොමැති නිසා විදෙස්ගත වීමේදී නුපුහුණු ශ්‍රමිකයන් ලෙස රැකියා සදහා යොමු වීමට සිදු වේ. ඉදිරියේදී එම තත්වය මග හැරවීම සදහා ඔවුන්ට කෙටි කාලීන පුහුණුවක් ලබාදී ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා සහතික පත්‍රයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික ආධුනිකත්වය මණ්ඩලය, කෘෂිකර්ම අමාතංශ්‍ය සහ සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා එම සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සඳහන් කළේය.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සිටින පෙදරේරුවන්, වෑල්ඩින් ශිල්පීන්, මේසෙන්වරුන් වැනි විවිධ වෘත්තීන්වල නියැලෙන ශිල්පීන් ඇතුලත් දත්ත පද්ධතියක් සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිටින විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා බවද පැවසුවේය.

ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ක්‍රමයක් වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් හැදින්විය හැකි බව පැවසූ අමාත්‍යවරයා ඒ අතරින් වැඩිම පිරිසක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට බව කීවේය. දෙවැනි ස්ථානය කුරුණෑගලට හිමි වන බව පැවසූ අමාත්‍යවරයා වැඩිම පිරිසක් ශ්‍රමිකයන් ලෙස විදෙස්ගත වන අනුපිළිවෙළ අනුව මහනුවරට තුන්වැනි ස්ථානය හිමි වන බව ප්‍රකාශ කළේය.

මෙම ශ්‍රමිකයන්ට පිළිගත් සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහනින් පසු අභිමානයෙන් යුක්තව විදේශ රටවලට සේවයට එක්වීමට ලාංකියන්ට හැකියාව ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා විදෙස්ගත වන ශ්‍රමිකයන්ට රැකියාවට ගිය පසු ඒ සදහා වැය වන මුදල කොටස් වශයෙන් ගෙවීමට හැකි ක්‍රමයක් සකස් කිරීමටද කටයුතු සකස් කරමින් පවතින බව පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ මධ්‍යම පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ.එස්.ප්‍රසාද් පියසේන, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එම්.එම්. දේශප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් සහ මධ්‍යම පළාතේ විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...