*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/20

  1. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් නොවූ රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුනා ගන්නේ නම්, මෙම වර්ෂයේ ගෙවීමට ඇති ණය සඳහා අතිරේක වසර 10 ක කාලයක් රජයට ලැබෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වන විට රු. 300 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹෙන ගිවිසුමෙන් අනතුරුව එය රු. 200 හෝ රු. 185 දක්වා ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බව ද පවසයි.
  2. ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටීමට ගැළපෙන පරිදි ගුවන් ටිකට්පත් වල මිල ද පහත දමන මෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියෝජිතායතනවල නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි – මේ වන විටත් ගුවන් ටිකට්පත් වල මිල සියයට 20 කින් පහත වැටී තිබේ.
  3. අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කරයි – මෙමඟින් ගුරු මාරු 12,500 පමණ අවලංගු වේ .
  4. ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් අතර වසර 10 කට වැඩි කාලයක් මුළුල්ලේ පවතින විශ්‍රාම වැටුප් සහ වැටුප් විෂමතා ඇතුළු ගැටළු රැසක් ආමන්ත්‍රණය කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පියවර ගනියි.
  5. විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ගැනීමට නොහැකි වූව ද, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිසුන් ට රු. මිලියන 1.1 ක පොලී රහිත ණය පහසුකමක් ලබා දෙන බව මුදල් අමාත්‍යංශය පවසයි – මෙම ණය ආපසු ගෙවීම රැකියා ලැබීමෙන් අනතුරුව සිදුකළ යුතු වේ.
  6. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, කෑගල්ල, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි – ගල් සහ පස් කඳු මහමඟ, නිවාස සහ වෙනත් ගොඩනැඟිලි මත කඩා වැටීමේ අවදානමක් ද සහිතව මෙකී ප්‍රදේශවලට නායයෑමේ දැඩි අවදානමක් පවතින බව ද පවසයි.
  7. රුපියල අධිප්‍රමාණය වීම හමුවේ ඇමරිකානු ඩොලර් අර්බුදය අවසන් වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – සියලු අංශවෙත සේවා ලබා දීම සඳහා ප්‍රමාණවත් තරම් ඩොලර් පවතින බව ද පවසයි – ඉකුත් සතිය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 7.5 කින් අවප්‍රමාණය වූ අතර, අනියම් වෙළඳපොල (grey market) තුළ ඇමරිකානු ඩොලරය රු. 380 ඉක්මවූ මිලකට පවා විකිණෙන බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  8. අමාත්‍යවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විදෙස්ගමන් දීමනා කපා හැරීමට ජනාධිපති කාර්යාලය විසින් විධානයක් නිකුත් කරයි – පුහුණු වැඩසටහන්, අධ්‍යාපන චාරිකා, සම්මන්ත්‍රණ, සාකච්ඡා සහ සංචාර ආදිය සඳහා වූ රජයේ නිලධාරීන්ගේ ගමන් ද තහනම් කරයි.
  9. කිසිඳු රාජ්‍ය ආයතනයකින් ඔවුන් සතු ගිණුම් වසා දැමීම සදහා සෘජු හෝ වක්‍ර ඉල්ලීම් හෝ උපදෙස් ලැබී නැති බව මහජන බැංකුව පවසයි – මේ පිළිබඳව පළවන කටකතාවලට ප්‍රතිචාර දක්වමින් එම බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මහජන බැංකුව සෑම විටම විශ්වාසනීය මූල්‍ය සේවාවන් ලබා දීම සඳහා රජයේ ආයතන සමඟ විශ්වාසනීය සහකරුවකු ලෙස කටයුතු කර ඇති බවයි.
  10. අප්‍රේල් 01 වන දින සිට, පෞද්ගලික බදු ගෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිතය අනිවාර්ය කරන බව මුදල් අමාත්‍යංශය පවසයි – මීට අදාළ දේශීය ආදායම් පනතේ සංශෝධන මුදල් අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan