ගුවන් ප්‍රමාදය කොරියානු සිහින බිඳ දමයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව වෙන්කරවාගෙන තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට රැකියා සිහිනය බොඳ වී නැවත නිවෙස් බලා යාමට සිදු වූ බව වාර්තා වේ.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත මෙම ශ්‍රමිකයන් සියදෙනා කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටියේ පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ වුවත්, හදිසියේම ගුවන් යානය ප්‍රමාදවීමත් සමග ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අවසානයේ ගුවන් යානය අවලංගුවීම හේතුවෙන් සියලුදෙනා හැරී ගොස් ඇති බව සඳහන් වේ.

කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත්තේ නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වැනිදා වනතුරු මෙම කණ්ඩයම කොරියාවට නොඑවන ලෙසයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරංචිමාර්ග සඳහන් කළේ, එම සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හයදෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

එයට හේතුව ලෙස, එම පිරිසට ඒ වන විට නියමිත වයස ඉක්මවා තිබීම විය හැකි බවද එම ආරංචිමාර්ග පවසයි.

ඉකුත් වසරේ ජුනි 20 වැනිදා යූ.එල්. 470 ගුවන් යානය පැය 12ක් ප්‍රමාද වීම නිසා කොරියාවට ශ්‍රමිකයන් යැවීමේ බරපතළ ගැටලුවක් උද්ගත විය. නියමිත දිනයට පැමිණීමට නොහැකිවීම නිසා 800 වන කණ්ඩායම පසුදින භාරගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ අතර, පසුගිය වසරේ මැයි 23දාත් කොරියාවට ශ්‍රමිකයන් රැගෙන යාමට තිබූ ගුවන් යානයක් ප්‍රමාද වීම නිසා ශ්‍රී ලාංකිකයන් කොරියාවට භාරගැනීමට ප්‍රතික්ෂේප කළේය. අවසානයේ එම පිරිස ජුනි 4 හා කොරියාව බලායාමට සූදානම් කළද එදිනද ගුවන් යානය පැය දෙකක් ප්‍රමාද වූ බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...