*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මුළු ලංකාවේම ගමක් ගමක් පාසා අපේ බලය ගොඩනඟනවා – විජිත හේරත්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ජනාධිපතිට ඡන්දය හැකිලිය නොහැකි බවත්, මිනිස්සු සියල්ල තීරණය කර අවසන් බවත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන බවත්, ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවක් නොමැති බවත්, දැන් ඉතිරිව තිබෙන්නේ ජයග්‍රහණයෙන් පසුව රට හදන්නේ කොහොමද කියන අභියෝගය පමනක් බවත් විජිත හේරත් මහතා කියා සිටී.

වැඩිදුරටත් පැවසූවේ,

” ඔක්තෝබර් මාසේ 17 දිනට කලින් අපේ රටේ දේශපාලන ඉරණම වෙනස් කරන ජනාධිපති ඡන්දෙ එනවා. ඒක රනිල් වික්‍රමසිංහට නවත්වන්න බැහැ. ඒක තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම. ඒ ගැන ව්‍යවස්ථාවේ පැහැදිලිව දින සඳහන් වෙනවා. ඒකට වංගු ගහන්න වෙට්ටු දාන්න කාටවත් බැහැ. බැසිල්ට ඇමෙරිකාවෙ ඉඳලා ඇවිත් ඒකට වෙට්ටු දාන්න හදනවා. එයා කියනවා “ජනාධිපතිවරණය නෙවෙයි පාර්ලිමේන්තු ඡන්දෙ එනවා නම් හොඳයි”, කියලා. එහෙම කියන්නේ එයාට ජනාධිපති ඡන්දෙට දාන්න කවුරුත් නැති නිසා. බැසිල්ට බැහැ, මහින්දටත් බැහැ. ගෝඨාභයට කොහොමත් බැහැ. බැසිල්ට මිනිස්සු කැමතිත් නැහැ. නාමල් ළපටි වැඩියි. පවුලේ කවුරුත් නැහැ. පවුලෙන් පිට කෙනෙකුට දෙන්න කැමතිත් නැහැ. එහෙම කවුරු දැම්මත් දිනන්නත් බැහැ. මේ ඡන්දෙන් අන්ත පරාජයට පත්වෙනවා. ජනාධිපති ඡන්දෙන් පැරදුණ ගමන්, මහ මැතිවරණයෙන් පොහොට්ටුව හෝදලාම යනවා. ඒකට බයේ පාර්ලිමේන්තු ඡන්දෙ කලින් තිබ්බොත් හොඳයි කියනවා, ඉන්න හතර පස්දෙනාවත් බේරගන්න පුළුවන්ද කියලා බලනවා. ප්‍රසන්න, අලි සබි්‍ර කියනවා අපි ඉන්නේ රනිල් එක්ක, අපි ඔහෙලත් එක්ක නැහැ කියලා. යූ.එන්.පී.කාරයෙක් ඝාතනය කරලා හිරේ ගිය රත්නපුරේ ප්‍රේමලාල් ජයසේකර කියනවා මගේ සහාය රනිල්ට කියලා. බැසිල් එක්ක හතර පස්දෙනෙක් ඉන්නවා. ඒ ඉන්න අයත් හතරට පහට කැඩිලා. ඒ ගොල්ලෝ ඡන්දවලට බයයි. ඒකයි ඡන්ද අකුළගෙන ඉන්නේ.

ජනාධිපති ඡන්දේ අකුළන්න බැහැ. මිනිස්සු තීරණය කරලා ඉවරයි. රනිල්, බැසිල්ගේ යෝජනාවට ප්‍රතිචාර ලෙස කිව්වේ “එහෙම නම් පාර්ලිමේන්තුව විසුරුවන්න කැමති 113ක් අරගෙන මට පෙන්වන්න” කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න 80%ක්ම පාර්ලිමේන්තුව විසුරුවනවාට බයේ ඉන්නේ. ඉන්න අයගෙන් බහුතරයකට ඊළඟ වතාවේ එන්න බැහැ. ඒ නිසා මොන ඡන්දෙටවත් එයාලා කැමති නැහැ. රනිල් මහ මැතිවරණයකට කැමති නැහැ. මිනුවන්ගොඩින් යූ.එන්.පි.යට එන්න බැහැ. රනිල්ට මහ ඡන්දයේ ජාතික ලැයිස්තුවෙන් තිබූ එකත්, මහ ඡන්දයක් තිබ්බොත් නැතිවෙනවා. යන එන මං නැති වුණාම පොහොට්ටුවේ අය තමන් ළඟට එයි කියල හිතාගෙන රනිල් කල්මරමින් ඉන්නවා.

ඔහොම යනකොට ජාතික ජන බලවේගයේ අපි මුළු ලංකාවේම ගමක් ගමක් පාසා අපේ බලය ගොඩනඟනවා. අපේ සංවිධාන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා දැන් අපි මැදගමුවේ සභාව පිහිටුවනවා. අපි ගමේ සභාව පිහිටුවන කොට අපේ හරිනි සහෝදරිය එංගලන්තයේ දැවැන්ත කාන්තා සමුළුවක් කැඳෙව්වා. මේ වෙලාවේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න්වල කාන්තා සමුළුව පැවැත්වෙනවා. දමයන්ති දර්ශා වගේ ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් අද ඒ සමුළුව ආමන්ත්‍රණය කරනවා. අපේ අනුර සහෝදරයා මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ තරුණ තරුණියන්ගේ පළමු තරුණ රැළිය මේ මොහොතේ ආමන්ත්‍රණය කරනවා. ඊයේ කිලිනොච්චියේ රැළිය. ගාල්ලේ ස්වාමීන් වහන්සේලාගේ සමුළුව. රට පුරාමත්, ලෝකෙ පුරාමත් ගම්මට්ටමෙන් අපේ ජනතාව අපේ බලවේගය එකතු කරමින් ඉදිරියට යනවා. කවුරුත් පිළිගන්නා කාටත් තේරෙන ඇත්ත තමයි රටේම ජනතාව එක හඬින් කියන්නේ අවුරුදු 76ක් මේ රට පාලනය කළ දූෂිත පාලකයෝ පන්නලා දූෂිත පාලනයට එරෙහිව මේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනඟන නිෂ්පාදනය මත මේ රටේ ආර්ථිකය ගොඩනඟන එකම දේශපාලන බලවේගය යූ.එන්.පී, ශ්‍රී.ලංකා හැම පක්ෂයකම හොඳ මිනිස්සු එකතු කර ගත්ත ජාතික ජන බලවේගය, මාලිමාවයි.

මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවනවා. ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවක් නැහැ. දැන් අපට තිබෙන්නේ ජයග්‍රහණයෙන් පසුව රට හදන්නේ කොහොමද කියන අභියෝගයයි. රට වැටුණේ ඇයි? රට හදන්න තිබෙන උත්තරය තිබෙන්නෙත් එතනයි. ඒකට මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ඒ කියන්නේ හොරකම, දූෂණය, නාස්තිය නවත්වන එක. මාලිමාවේ අපි බලයට ආපු ගමන් තමුන්නාන්සේලාගේ මහජන ධනය කොල්ලකාපු හොර තක්කඩි ටිකයි, අතළොස්සක් වුණු නිලධාරි ටික හා ව්‍යාපාරිකයෝ ටිකයි චෞර නඩයයි තුන්ගොල්ලෝම එකතු කරලා නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන එක දෙනවාමයි. ඒකෙන් තමයි අපි රට හදන්න පටන් ගන්නේ. ඒ කිසිවෙකු සමග තිබෙන වෛරයකට නොවෙයි. පෞද්ගලික තරහක් කිසිවෙකු සමග නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නේ රට හදන්න. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රට හදන්න පටන් ගත්තේ එහෙම. සොරකම් කළ අයට දඬුවම් දුන්නා. කිසිවෙක් හොරකම් කරන්න ආවේ නැහැ. සිංගප්පූරුවේ ආර්ථිකය වේගයෙන් ශක්තිමත් වුණා. අපි එහෙම කරමු.

අපි අක්කර දහස් ගණනක උක් වගා කරලා අපිට අවශ්‍ය සීනි නිෂ්පාදන කළා. ඔරුවල වානේ කර්මාන්ත ශාලාවේ ගෙවල් හදන්න ඕන කරන යකඩ ටික අපි නිෂ්පාදනය කළා. කැලණි ටයර් සංස්ථාවේ ලංකාවටම අවශ්‍ය ටයර් ටික අපි හැදුවා. රේ ටෙක්ස්, පූගොඩ පෙහෙකම්හල, තුල්හිරිය, අපට අවශ්‍ය රෙදිටික හැදුවා. විහාරමහාදේවි (චන්ද්‍රිකා) ඇවිත් ඒව වික්කා. අපේ රටේ කිරිපිටි හැදුවා, වැලිසර ලක්ස්ප්‍රේ එක විහාරමහාදේවි තමන්ගේ මාමණ්ඩිය වුණු හැරී ජයවර්ධනට විකුණුවා. අපට ඕන වුණු පිඟන් ටික බලංගොඩ පිඟන් සංස්ථාවේ අපි හැදුවා. ඒකත් විකුණුවා. පිටරටින් ගෙනා බොරතෙල් ටික සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් පිරිපහදු කරලා ඩීසල්, පෙට්්‍රල්, භූමිතෙල්, ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන හැදුවා. ඉතිරි වුණු නැප්තාවලින් සපුගස්කන්දේම යුරියා පොහොර ටික නිෂ්පාදනය කළා. පකිස්ථානයට යුරියා ටොන් පනස්දහසක් අපනයනය කළා. සපුගස්කන්දේ හදපු යුරියා ගෙනියන්න කැළණියේ ස්ටේෂන් එක දක්වා රේල් පාරක් හැදුවා. අදත් ඒ පාරේ මායිම් තිබෙනවා. ඒකට අල්ලපු වැටේ තිබුණේ නයිලෝන්, සින්තටික් ෆැක්ටරිය. රනිල් කර්මාන්ත ඇමති වුණා. ඒක කොරියන්කාරයාට වික්කා. මාස තුනක් කොරියන්කාරයා මේක දිවුවා. ඊට පස්සේ මැෂින් ටිකත් ගලවාගෙන කොරියාවට පැන්නා. සින්තටික් කර්මාන්ත ශාලාව වැසී ගියා. අපේ පාරවල්වලට දාන තාර ටික, ඉටිපන්දම්, අද කැල්ටෙක්ස් නමින් වාහනවලට දාන එන්ජින් ඔයිල් එක එදා අපි හැදුවා. අපිට අවශ්‍ය ගෑස් හැදුව ෆැක්ටරියක් දෙමටගොඩ තිබුණා. සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් ඒක. ඔක්කෝම විකුණලා දැම්මා. අපට ඩොලර් වත්, රුපියල්වත් නැහැ. නිෂ්පාදනය කඩන් වැට්ටුවා. දරුවන්ගේ ඉස්කෝලේ ගෙනියන පොත පිටරටින් ගෙනාවේ නැහැ. ඇඹිලිපිටියේ, වාලච්චේන කඩාදාසි කර්මාන්ත ශාලාවල හැදුවා. මේ පාලකයෝ ඒවා කොමිස්වලට විකුණුවා. රට වැටෙන එක අහන්න දෙයක්ද?

ඕගොල්ලන්ගේ ගෙවල්වල සෙල්ලම්බඩු, විසිතුරු බඩු, ඉඳිකටුව, අල්පෙනෙත්ත සියල්ලම චීනෙන් ගෙනාපුවා. කුස්සියේ ගෑස් කුකර් එක, රයිස් කුකර් එක, පිහිය මේඞ් ඉන් චයිනා. ටොයිලට් එක සෝදන බ්‍රෂ් එක චීනෙන් ගේනවා. මේ අපේ පාලකයන්ගේ වැරැද්ද. අපේ නිෂ්පාදන වැට්ටුවාම රට වැටෙන එක අහන්න දෙයක් නැහැ. ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රාජපක්ෂ, මෛත්‍රීලා මාරුවෙන් මාරුවට එකතු වෙලා අපේ නිෂ්පාදනය වැට්ටුවා. අපි බංකොලොත් වුණා. දුප්පත් වුණා. හොරකම, වංචාව, දූෂණය ඉහවහා ගියා. රට වැටුණා.

අපි දැන් හූල්ලලා, පසුතැවිලි වෙලා වැඩක් නැහැ. වැරදි වුණා. හැබැයි අපට වගකීමක් තිබෙනවා අනාගතය වරද්දා ගන්නේ නැතිව යන්න. ඉතිහාසයෙන් අපි ඒ පාඩම ඉගෙන ගෙන අනාගතය වරද්දා නොගෙන යමු. අනාගතය වෙනස් කරන්න නම්, පළමුව අපි වෙනස් වෙන්න ඕනෑ. එකිනෙකාගෙන් පළිගන්නා වෛරී දේශපාලනය නවත්වමු. හණමිටි අදහස් පැත්තකට දාමු. අපි වෙනස්ව හිතමු. එක ගමනක් යමු. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් වෙනස් වෙලා අලුත් දේශපාලන පක්ෂයක් හැදුවා. යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී සාමාජිකයෝ ගමේ අපි ඔක්කෝම එකට එකතු වෙමු. එකතුවෙන්න අපිට දේශපාලන පක්ෂයක් තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය. අපි එකතු වෙලා මේ රට වෙනස් කරමු.

ඒක හුදෙක් ආණ්ඩු මාරුවක් විතරක් නොවෙයි. රනිල් එලවලා අනුරව වාඩි කරපු ගමන් රට ටොපේ ටොප් වෙන්නේ නැහැ. මෙතෙක් ගෙන ආ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය, සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ඒක තමයි අපේ ඉලක්කය. ඒක තමයි උවමනාව. ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය ඕන. අනුර දිසානායක සහෝදරයාට ඒක තනියෙන් කළ හැකි එකක් නොවෙයි. ඉන්ද්‍රජාලික බලයකින් සැම දෙයක්ම හරියන්නේ නැහැ. මාලිමාවත් එක්ක ගම්මට්ටමෙන් එකතු වෙලා මේ අභියෝගය උරමතට අරගෙන රටක් විදිහට නැගිටින්න අධිෂ්ඨාන කර ගනිමු

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan