දැඩි උනුසුම නිසා පාසල් වැසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉතා දැඩි උණුසුම්කාරී දේශගුණික තත්ත්වය හමුවේ, දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු සුඩානයේ රජය ජනතාවට දැනුම් දී ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත සෙල්සියස් අංශක 45කට වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

එනිසා, රජයේ නියෝග පැහැර හැර විවෘතව තබන ඕනෑම පාසලක ලියාපදිංචිය අත්හිටුවන බවට අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...