කථානායකවරයාගේ සහතිකය පනත්කෙටුම්පත් 02 කට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ, පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා ඊයේ (20) කථානායකවරයා සිය සහතිකය සටහන් කළ බවයි.

ඒ අනුව, සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබෙන අතර, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (20) සිට බලාත්මක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...