කථානායක මහින්ද යාපා විශ්වාසභංගයෙන් ජයගනී !

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී එම යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.

RN