ඉන්ධන පෝලිමේ ඝාතනයේ සැකකාර ත්‍රිරෝද රථ රියදුරා පොලිස් අත්අඩංගුවට

0
383

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලීසිය පවසන්නේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු නිට්ටඹුව හමුරාදෙනිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබූ අයිස් බවට සැකකරන මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සොයගෙන තිබෙනවා. ඝාතනය සිදුවන අවස්ථාවේදීද ඔහු මත්ද්‍රව්‍ය පානය කර සිටින්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here