හැකිනම් සන්ධානගත නොවී ඡන්දය දිනලා පෙන්වන්න – SJB වෙතින් AKD ට අභියෝගයක්! (VIDEO)

Date:

ජනාධිපති වීමේ සිහිනය දකින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට තමන් පවසන්නේ සන්ධානගත නොවී තනිව ඡන්දය දිනාගැනීමට ඇති හැකියාව ගැන තව සිතා බලන ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයා වීම සිහිනයක් බවට අනුර දිසානායක මහතා විසින් කර තිබෙන ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

අනුර දිසානායක මහතාත් හරියට රනිල් වික්‍රමසිංහ මහතා වැනි බවත් සිදුවූයේ පැවති හැම මැතිවරණයකින්ම පරාජය වීමත්, අපේක්ෂකයා වීම පමණක් බවත් විජේසිරි මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඔවුන්ගේ ප්‍රතිපත්ති මේ මහ පොළවේ පැල කිරීමට හැකි වූයේ නම් ඉතිහාසයේ සිටම මෙතක් රට කළ නායකයින්ට එම අවස්ථාව අහිමි වෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

”අපි දකිනවා ඊළඟට එන්න තියෙන ආණ්ඩුව බාල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එතුමාට උදව් කළා. එතුමාලට බිත්තරයකින් ගහලා එතුමාලා මේකේ ඉන්න ලොකුම විපක්ෂය කියන කාරණය පෙන්වල දෙන්න කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි අපි හොඳ නැත්නම් අලුත් කඳවුරකට ඡන්දය දෙන්න කියල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යම් තැනක කිව්වා කියන කාරණයත් අපි මාධ්‍ය හරහා දැක්කා. ඒ හරහා කියන්නේ මොකක්ද ඊළඟට ගොඩනැගෙන ආණ්ඩුව බාල කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ ගොඩනැගෙන සංයුතිය බාල කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට යම් ඡන්ද සංඛ්‍යාවක් එකතු කර ගැනීම සඳහා කටයුතු කිරීමක්.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...