*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සෞදි අරාබිය බොරතෙල් නිෂ්පාදනය වැඩි කරයි

ඉදිරි වසර 05 තුළදී සිය බොරතෙල් නිෂ්පාදනය සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට සෞදි අරාබියේ සෞදි ඇරැම්කේ රාජ්‍ය ඉන්ධන සමාගම තීරණය කර තිබෙනවා.

රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියාවෙන් තෙල් ආනයනය කිරීම අත්හිටුවීමට බටහිර රටවල් ඇතුළු රටවල් රැසක් තීරණය කළ අතර ඒ අනුව සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල නිෂ්පාදන ධාරිතාවය ඉහළ දමන්නැයි ඉල්ලා තිබිණි. මෙම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස සිය සැපයුම ඉහළ දැමීමටයි සෞදි අරාබි සමාගම තීරණය කර තිබෙන්නේ.

2021 වසරේදී සෞදි ඇරැම්කෝ සමාගම සිය ලාභය දෙගුණයකින් ඉහළ දමාගෙන තිබේ. එම ලාභය සැළකිල්ලට ගනිමින් සිය ආයෝජන ඉහළ දැමීමටයි සමාගම සූදානම් වන්නේ.

යුක්රේන අර්බුදය හේතුවෙන් සහ රුසියානු බොරතෙල් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය දිනවලදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගිය අතර කෙසේ නමුත් මේ වනවිට යම් ප්‍රමාණයකින් මිල පහත බැස තිබෙනවා.

සෞදි අරාබිය ලොව ප්‍රමුඛතම බොරතෙල් නිෂ්පාදකයා වන අතර ඔවුන්ට ලෝක බොරතෙල් වෙළඳපොල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් සිදුකළ හැකිය. සිය නිෂ්පාදනය ඉහළ දැමීම හරහා ඉදිරියේදී බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan