ජනතාව බැරල් ගණන් තෙල් ගබඩා කර ගන්නවා, ඉන්ධන හිගයට හේතුව ඒකයි – සාගර කාරියවසම්

Date:

ලෝක වෙළඳපොලේ ඉහළ ගිය බොරතෙල් මිල දැන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ පවති ඉන්ධන හිගය කෘත්‍රිමව ඇති වූ එකක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ඇතැම් පුද්ගලයන් අනවශ්‍ය පරිදි ඉන්ධන ගබඩා කරගෙන ඇති බවයි. ඇතැමුන් නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කරන බවද ඔහු සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හලකට ඩීසල් බවුසරයක් පැමිණි පසු එය දින දෙකකට ප්‍රමාණවත් වන නමුත් මේ වනවිට පැය 07 ක් 08 ක් තුළ එම ඉන්ධන තොගය අවසන් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. සමහර පුද්ගලයන් වාහනයටද උපරිම ඉන්ධන ලබාගෙන තවත් කෑන් තුන හතරකට ඉන්ධන පුරවා ගන්නා බවත්, මේ නිසා තවත් කිහිප දෙනෙකුට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බවත් ඔහු පවසනවා. ඉන්ධන හිගයක් මතුව තිබෙන්නේ මේ නිසා බව ඔහු පැහැදිලි කරනවා.

කෙසේ නමුත් ජනතාව පවසන්නේ බූලිවලට හෝ බැරල්වලට ඉන්ධන ලබා ගැනීමට තබා වාහනවලට හෝ ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. ඇතැම් ඉන්ධන හල්වලින් ලබාදෙන්නේ ඉතා සීමිත ඉන්ධන ප්‍රමාණයක් පමණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...