Saturday, June 3, 2023
spot_img

Latest Posts

ඇමරිකානු තානාපතිනය සහ එජාප නායකයා අතර හමුවක්

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවක් අද පැවැත්විණි. ඒ කොළඹ පස්වන පටුමගේ පිහිටි එජාප නායකයාගේ නිවසේදීයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හා ඊට ගතහැකි විසඳුම් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

ඇමරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීම සඳහා දෙරටට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සමග අදහස් හුවමාරු කරගත් බවයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් විපක්ෂයකට ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.