රුපියල් 20 ක වටිනාකමින් යුක්ත සමරු කාසි ද්විත්වයක් !

Date:

රුපියල් 20 ක වටිනාකමින් යුක්ත සමරු කාසි දෙකක් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා. මෙම සමරු කාසි ද්විත්වය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 150 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ මෙරට තුළ පැවැත්වූ පළමු ජන හා නිවාස සංගණනයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් මෙම කාසි ද්විත්වය නිකුත් කෙරිණි.

නව සමරු කාසි ජනාධිපතිවරයා පිළිගැන්වීමේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න මහත්මිය, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...