රුපියල් 20 ක වටිනාකමින් යුක්ත සමරු කාසි ද්විත්වයක් !

Date:

රුපියල් 20 ක වටිනාකමින් යුක්ත සමරු කාසි දෙකක් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා. මෙම සමරු කාසි ද්විත්වය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 150 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ මෙරට තුළ පැවැත්වූ පළමු ජන හා නිවාස සංගණනයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් මෙම කාසි ද්විත්වය නිකුත් කෙරිණි.

නව සමරු කාසි ජනාධිපතිවරයා පිළිගැන්වීමේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න මහත්මිය, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...