කැනඩා ජාතිකයන් සිව්දෙනෙකුට චීනයේදී මරණ දඩුවම – අධිකරණ ස්වාධිපත්‍යයට මැදිහත්වීම නතර කරන්න චීනයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:කැනඩාව චීන අධිකරණ ස්වාධිපත්‍යයට අනවශ්‍ය ලෙස මැදිහත්වීම නතර කළ යුතු බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

කැනඩා ජාතිකයන් සිව්දෙනෙකුට මත්ද්‍රව්‍ය අපරාධ හේතුවෙන් චීනයේ දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

මත්ද්‍රව්‍ය අපරාධයන්‍ට එරෙහිව ක්‍රියා කිරීම ඒ ඒ රටවල පොදු වගකීමකි. නීතියට අනුව ක්‍රියාත්මක වන රටක් ලෙස චීනය විවිධ ජාතීන්ට අයත් විත්තිකරුවන්ට සමානව සලකන බව ද චීනය සඳහන් කරයි. නීත්‍යනුකූල මෙන්ම සාධාරණ ලෙස නීති පිළිපදින චීනය අදාළ සිද්ධිය හා සම්බන්ධ පාර්ශ්වයන්ගේ නිසි අයිතිවාසිකම් හා කැනඩා පාර්ශ්වයේ කොන්සියුලර් අයිතිවාසිකම් සහතික කරන බව ද ඇය සඳහන් කර තිබේ.

කැනඩාව නෛතිකභාවයට ගරු කරමින් චීන අධිකරණ ස්වාධිපත්‍යයට මැදහත්වීම වහාම නතර කළ යුතු බව Mao Ning මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...