ඔහොම නම් බැහැ.මේක සිංගප්පුරුවක් කරන්න තව අවුරුදු 65ක්වත් යයි.රැඩිකල් තීරණ ගන්න!

Date:

කොළඹ LNW:ආණ්ඩුව ලෙසත් විපක්ෂය ලෙසත් රටේ ජනතාව ලෙසත් රට තුළ බලාපොරොත්තු වන දැවැන්ත පරිවර්තනයක් වෙනුවෙන් IMF රාමුව තුළද රැඩිකල් තීන්දු ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

දැනට පවතින ආර්ථික වේගය තුළ රට සිංගප්පුරුවක් කිරීමට නම් තව අවුරුදු 65ක්වත් යනු ඇති බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

”ඔබ ආණ්ඩුවක් ගන්නකොට පහුගිය ආණ්ඩු වගේම ඉතිහාසයේ යම් අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්නත් එක්ක තමයි ඔබට බලය දෙන්නේ. හැබැයි අවුරුදු පහක්,ඔව් අපි දැන් IMF එකත් එක්ක අයවැය ඉදිරිපත් කළේ අපේ අයවැය නෙවෙයි අපේ අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ අවුරුදු දහයකට පහකට පස්සේ කියනවා නම් ඔබ අද ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂිත ඉලක්ක වලට කිසිසේත් යන්න බැහැ කියන එකත් මතක් කරන්න ඕනේ. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බා මැදි අදායම් ලබන රටක ලෙස 2030දී පත් කරනවා කියල. ගිය කාර්තුවේ 5%ක ආර්ථික වර්ධන වේගයක් ඇතුව ඊළඟ අවුරුදු ගණනාවම ගියත් මැදි අදායම් ලබන රටක් වෙන්න අපේ රටට තව අවුරුදු 27ක් යන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2048 දියුණු රටක් කරනවා කිව්වේ, අන්න ඒකට තව අවුරුදු දෙකක්වත් එකතු කරන්න වෙනවා. එහෙම නැත්නම් අද සිංගප්පුරුව තියෙන ආර්ථිකයට යන්න ඕනේ නම් තව අවුරුදු 65ක් වත් යන්න වෙනවා කථානායකතුමනි මේ වේගෙන් ඒ තැනට යන්න. කොහොමද අපේ ආර්ථිකය 6%ට වැඩි 7%ක 8%ක ආර්ථික වර්ධනයකට ගෙනියන්නේ. මේක යම් ජම්ප් එකක්. ඒ සඳහා රැඩිකල් තීන්දු ආණ්ඩුවක් විදිහට ගන්න ඕනේ. සමහර රැඩිකල් තීන්දු IMF එක ඇතුලේ නැහැ. හැබැයි අපි හිතනවා ආණ්ඩුවට ආදායම උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සහ සැලැස්මක් තියෙනවා නම්,මොකද පැහැදිලිව වියදම් කිරීමේ සැලැස්මක් තියෙනවා. ඔබතුමන්ලා එක එක අමාත්‍යාංශය වල, හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් කප්පාදු කළා කිව්වා,ඒක කොච්චර ඉතුරු වුණාද කියන්න නම් අයවැය දිහා බැලුවහම පැහැදිලි නැහැ. හැබැයි ඔබ සහ අපි, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ දැවැන්ත පරිවර්තනයට යන්න නම් IMF රාමුව ඇතුලේ පවා ආණ්ඩුවට රැඩිකල් තීන්දුවලට යන්න වෙනවා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

අශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...