තැපෑලේ ආ “කුෂ්”

Date:

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ඉකුත් සති දෙකක කාලයක සිට භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම පාර්සල් ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර, මීගමුව, ජා-ඇළ, වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණ බවද සඳහන් වේ.

අනාවරණ වන ආකාරයට එසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් පමණ වන බවයි.              

ඉකුත් සති දෙකක කාලය තුළ මෙවැනි පාර්සල් 20ක් මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් අදාළ පාර්සල් පරික්ෂා කිරීමට තැපැල්පතිවරයාගේ අනුමැතිය  හිමිව තිබූ අතර, ඒ අනුව එම පාර්සල් පරික්‍ෂා කර බලා ඇත.

රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පැවසුවේ, එහිදී  පාර්සල් 14ක “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක්, මත්පෙති 2,049ක් සොයා ගත් බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...