වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය:CCD නිලධාරීන්ට ඇප!

Date:

කොළඹ LNW:මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිට අද (21) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD)නිලධාරීන් 6 දෙනා ඇප මත මුදාහැර තිබේ.

2023 දෙසැම්බර් 31 සිදුවූ එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු තවත් සැකකරුවන් 6ක් අද (21) මෝසමක් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවට අදාළව නියෝගයක් නිකුත් කළේ එම සිද්ධියට අදාළව සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකරුවන් 08ක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

එම නියෝගයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ අතර ඔහු එම නියෝගයෙන් දින 20කට පසු පසුගිය 19 වැනිදා අධිකරණයට භාර විය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ඔහු එළඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...