වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය:CCD නිලධාරීන්ට ඇප!

Date:

කොළඹ LNW:මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිට අද (21) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD)නිලධාරීන් 6 දෙනා ඇප මත මුදාහැර තිබේ.

2023 දෙසැම්බර් 31 සිදුවූ එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු තවත් සැකකරුවන් 6ක් අද (21) මෝසමක් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවට අදාළව නියෝගයක් නිකුත් කළේ එම සිද්ධියට අදාළව සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකරුවන් 08ක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

එම නියෝගයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ අතර ඔහු එම නියෝගයෙන් දින 20කට පසු පසුගිය 19 වැනිදා අධිකරණයට භාර විය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ඔහු එළඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...